දැනට වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රිඩා කිරීම සදහා යාමට තීන්දු කර ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ඩොලර් 125,000ක වසරක ගිවිසුමක් යටතේ වසර 3ක් මෙම ක්‍රීඩකයන් අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
මේ සදහා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මැදිහත්ව කටයුතු සූදානම් කොට ඇති බවද පැවසේ.
එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව බුබුළ බිද රාත්‍රියේ නගර සංචාරය කිරීම හේතුකොටගෙන මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක ක්‍රිකට් තහනමක් සහ මූල්‍ය දඩයක් පැනවීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණ.
මීට පෙර ෂෙහාන් ජයසූරිය ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනකුද ලංකාව අතහැර ක්‍රිකට් ක්‍රීඩාකිරීම සදහා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණ.










