රට තුළ පවතින මූල්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ණය මුදලක් ලබා ගැනීම සදහා බංග්ලාදේශය ඉල්ලූම් කර ඇති බව වාර්තා වේ.
මේ වන විට බංග්ලාදේශය සතු විදේශ සංචිත ශීග‍්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බව පැවසේ.
ණය පිළිබදව සාකච්ජා කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එළැඹෙන සැප්තැම්බරයේ දී බංග්ලාදේශයට පැමිණීමට නියමිත ය.
ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප‍්‍රමාද වීම හේතුවෙන් විශාල පාඩුවක් කරගත් බවත්, බංග්ලාදේශය එම වැරැද්ද සිද්ධ වීමට ඉඩ නොහැරීම පැසසුම් කළ යුතු දෙයක් බවත් එරට ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත.










