• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාධිකරණයෙන් ඊයේ ඇප දුන්නා! අද මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් ඇප දුන්නා! නතාෂා දැන් එළියේ! Sri Lanka Latest News

July 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වාන බුරුස් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නතාෂා එදිරිසූරියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.Sri Lanka Latest News

ඒ, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට අදාළව ය.

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බව කියන නතාෂා එදිරිසූරිය තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (ජූලි 5) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

කෙසේ වෙතත්, ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (ජූලි 5) දහවල් කොළඹ අංක 4 මහාධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදී ඇය ඇප මත මුදාහැරිණි.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කර තිබිණි.

සැකකාරිය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය කනගාටුවට පත්වන බව ප්‍රකාශ කිරීම ද යම්කිසි අයෙකුට හෝ යම්කිසි කණ්ඩායමකට අපහසුතාවක් සිදු වූයේ නම් ඇය ඕනෑ ම අවස්ථාවකදී ඕනෑ ම තැනකට පැමිණ සමාව අයැදීමට සූදානම් වන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වීම ද නීතිපතිවරයා සැකකාරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොදැක්වීම යන කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කරන බව විනිසුරුවරයා දැනුම් දී තිබිණි.

ඒ අනුව, අදාළ නියෝගය මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියම කරන තිබිණි.

සමාජය කැළඹීමට තරම් චරිතයක් අදාළ වගඋත්තරකාරිය සතුව තිබුණේ ද යන්න ප්‍රශ්නය මතු කරමින් මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා පළ වන තෙක් වගඋත්තරකාරිය පිළිබඳව සමාජය දැන නොසිටි බව ද ඇයගේ ම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම පිළිබඳවද කරුණු ඉදිරිපත්ව නොමැති බව ද විනිසුරුවරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබිණි.

ඇගේ ප්‍රකාශයෙන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් වී නොමැති අවස්ථාවක මෙවැනි අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව දණ්ඩනීති සංග්‍රහ පනත යටතේ සලකා බැලිය යුතු බව ද පෙන්වා දී තිබුණු විනිසුරුවරයා අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත මානව හිමිකම් තහවුරු කිරීම සඳහා ස්ථාපනය කර ඇති බැවින් කිසියම් ප්‍රබල පුද්ගලයෙකු පැමිණිලි කළ පමණින් අත්අඩංගුවට ගැනීමක් කරන්නේ ද යන්න සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය හමුවේ ප්‍රශ්න කෙරිණි.

වගඋත්තරකාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

එහිදී අධිකරණය මගින් සැකකාරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර අනතුරුව සැකකාරිය විසින් මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව, මහාධිකරණය මගින් සැකකාරිය ඇප මත මුදාහැරීමට ඊයේ නියම කෙරිණි.

SendShareShare
Previous Post

2015 ආපු ආණ්ඩුවෙ කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවෙදි එළියට එයි! අනුර ගැන බඩු වගයක් එළියට දානකොට ජේ.වී.පී. එකේ එක මන්ත්‍රී කෙනෙක්වත් නෑ! ෆොන්සේකා නැගිටලා මහින්දානන්දට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බන්ධනාගාර බස් එකෙන් ඇවිත් ඇප ලැබුණු නතාෂා උසාවියෙන් එළියට ආවේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.