මැයි මාසයේ නම වන දා අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගන්නා ලෙස, නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බව දැනගන්නට ඇත.










