• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඔබතුමා මොකට ඇමැතිකමක් දරනවද?’ පන්සලට ආ ඇමැති බන්දුලට අටමස්ථානාධිපති පල්ලේගම හිමියෝ මූණටම කියති! Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ඔබතුමා මොකට ඇමැතිකමක් දරනවද?’ පන්සලට ආ ඇමැති බන්දුලට අටමස්ථානාධිපති පල්ලේගම හිමියෝ මූණටම කියති! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළහ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මඟින්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟීන්ට ත්‍රීරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇතැයිද උන්වහන්සේ කීහ.Sri Lanka Latest News

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි හමු වී ආශිර්වාද ගැනීමට ඊයේ(14) පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙසේ දෝෂාරෝපණය කළහ.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට වැඩිම බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන්. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවලා නැහැ. දිගු කාලයක සිට කොයි තරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්න දෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිමේ ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නඟින්න අකමැති වුනත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සිය පනහක්, දාහක් ඒ අයගෙන් අය කරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. දෙවතාවක් සී.ටී.බී බස් රථ ධාවනය කරන්න උත්සහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොට ගෙන ඒ අයට තුවාල සිදු වූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලුදෙනා මට පේන්නේ මේ මැර කණ්ඩායම්වලට බිය වෙලා තිබෙනවා. දුම්රිය මගින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට බැරිනම්, අමතර බස් දාලා හරි ඒ අයට පහසුකම් දෙන්න බැරි නම් ඇමැතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි.

මෙම අවස්ථාවට උතුරු මැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, පළාතේ උසස් නිලධාරීන් සහභාගී වී සිටි අතර උන්වහන්සේ ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ පොලිසියට කියලා ඵලක් නැත්නම්, ජනාධිපතිතුමාට කියලා හමුදාව හරි යොදලා බැතිමතුන්ගේ ආරක්ෂාව සලසන්න වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් කරන ලෙසයි.

සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙන්ම පොහෙය දිනවලටත් අනුරාධපුරයට එන බැතුමතුන් වෙනුවෙන් දුම්රිය හා ලංගම ඒකාබද්ධ බස් සේවාවක් ඇති කිරීමට සඳහා කෙසේ හෝ බස් රථ දෙකක් ලබා දෙන බවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අටමස්ථානාධිපති හිමියන් හමුවේ පොරොන්දු විය.

SendShareShare
Previous Post

මැතිඇමැතිවරු මොනවා කිව්වත් නියමිත දිනට කලින් ජනාධිපතිවරණය තියන්නේ නෑ! හැබැයි නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි! ව්‍යවස්ථා විශාරද ජී.එල්. නීතිය පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝකයේ විද්‍යාඥයන් 43737ක් අතරින් ලංකාවේ මහාචාර්ය ලක්ෂ්මන් 11..! මහාචාර්ය මලික් 15…! කාටද ආඩම්බර…! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.