ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාවට ගොස් අමෙරිකන් කොඩිය පසුපස තබාගෙන ප්‍රතිපත්ති වෙනස් කොට ඇති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.
අනුර කුමාර දිසානායක පසුගියදා ඇමෙරිකාවට ගිහින් තිබුණා. ඇමරිකන් ව්‍යාප්තවාදය ගැන විවේඡනය කරපු අනුර කුමාර දිසානායක දැන් ඇමරිකන් කොඩිය යට හිටගෙන කතා කරනවා. චේ , කාල් මාක්ස් , ලෙනින් සිහිකරමින් මැයි දිනය සමරපු ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකාවට ගිහින් කියනවා වාමාංශික කඳවුරේ සියලු දෙනා සමාජවාදී කඳවුරේ සියලු දෙනා එකතු කරනවා කියලා.
ඉන්දියාව සමඟ අපි ගණුදෙනු කරන්න ඕන. ඉන්දියාව සමඟ අපි කටයුතු කරන්න ඕන කියලා. 1971 විජේවීරගේ පන්ති 5 න් එක පන්තියක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. 88 89 ඉන්දියාව සමඟ 13 වැනි සංශෝධනයට සාමා ගිවිසුම් අත්සන් කරනකොට මිනිස්සු 7000 ක් මැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්. තේ රබර් පොල් ආර්ථිකය වෙනුවට කර්මාන්ත ආර්ථිකයක් හදන්න ඕන කියලා අනුර කුමාර දිසානායක කියනවා.
ඔහුගේ ආර්ථික දැනුමේ මට්ටම කොච්චරද කියලා එයින් පේනවා. තේ රබර් පොල් වලින් ශ්‍රී ලංකාවට සියයට 80 ක අපනයන ආර්ථිකයක් තිබුණා. කර්මාන්ත ආර්ථිකයට තිබුණේ සියයට 20 යි. රණසිංහ ප්‍රේමදාස යුගයේදී කර්මාන කලාප ඇති කරලා කර්මාන්ත ආදායම සියයට 80 ක් කරලා තේ රබර් පොල් ආදායම සියයට 20 ක් බවට පත් කළා. ‘‘