පාරම්පරිකව එක් එක් පක්ෂවලට බෙදී වෙන්වී සිටි අතීතය අමතක කොට දූෂිත පාලනයට එරෙහිව එකාවන්ව නැගී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණ සියලු දෙනාට ආරාධනා කරනවා.
ජන පීඩක ආණ්ඩුව ගෙදර යැවීම සඳහා නුදුරේදීම ඒ සියලු දෙනා පාරට බැසිය යුතු බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අද (28) මාතර පැවැති ජන රැලියකට එක්වෙමිනි.










