ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය බාර ගැනීමෙන් පසු තමන් කී තවත් කාරණාවක් ඉටු කිරීමට අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ධම්මික පෙරේරා මහතා ආයෝජකයන්ට මේ රට තුළ ආයෝජන කිරීමේදී මුහුණ දීමට සිදුව තිබූ අපහසුතා රැසක් ඉවත් කිරීමට කටයුතු කොට තිබේ.
මීට පෙර ආයෝජන සදහා ඉල්ලුම් පත් යොමු කිරීමේදී පිටු ගණනාවක් පිරවිය යුතු වුවත් මේ වනවිට එය තනි පිටුවක් දක්වා අඩු කිරීමට අමාත්‍යවරයා සමත්ව ඇත.
එමෙන්ම ආයෝජන සදහා අවශ්‍ය සියලු සුදුසුකම් යම් ආයෝජකයකු විසින් සපුරා ඇත්නම් පැය 24ක් ඇතුළත ඊට අනුමැතිය ලබා දීමේ ක්‍රමවේදයක්ද අමාත්‍යවරයා විසින් සකස් කොට තිබේ.










