මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ආසන්නයේ සිට කිලෝමීටර් එකහමාරක් ඇතුළත සම්බාහන මධ්‍යස්ථාන 42ක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවසයි.Sri Lanka Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මේ බව පැවසීය.
“සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද නම ගහගෙන. එක්කෙනෙක්ගෙන් රුපියල් 5,000ක් ගන්න තැනුත් තියෙනවා. සංචාරක ප්‍රවර්ධනය කියලා තැබෑරුම් ලයිසන් දෙනවා. ඉතින් කොහොමද ජනතාව බොන එක නවත්වන්නේ.”
“මම වගේ මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති 06 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.”
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා දෙහිඅත්තකණ්ඩිය ශාලිකා නගර ශාලාවේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව සඳහන් කළේය.










