ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) ආරම්භ කෙරේ. (Sri Lanka Latest News)
මේ යටතේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූප රැගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
මෙහි ආරම්භක වැඩසටහන කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී සිදු වේ. ඒ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
බිතුසිතුවම් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල අනුව බිතුසිතුවම් සංරක්‍ෂණය සදහා මැදිහත් වීමේ ප්‍රමුඛතා ලේඛණයක් සැකසීම සිදු වේ.
සංරක්‍ෂණ කටයුතුවල දී අවශ්‍ය දත්ත ලබා ගැනීම, මෙම ඓතිහාසික සිතුවම් ක්‍රමිකව හායනයවන බැවින් අනාගත පරපුරට දැක ගැනීමට හැකිවීම, පර්යේෂකයන් හා විද්වතුන්ගේ පර්යේෂණ කටයුතු සදහා අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යංශය සදහන් කරයි.
මෙම ලේඛන මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට අමතරව බිතුසිතුවම් අඩංගු විහාරයට ද ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිතය.
dinamina










