• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම කැළඹූ බුද්ධි වාර්තාව ගැන බුද්ධියෙන් කරපු විමසුමක්…

July 11, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රටම කැළඹූ බුද්ධි වාර්තාව ගැන බුද්ධියෙන් කරපු විමසුමක්…
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය ඔබට සිහිකරන්නට උත්සාහ නොකරමි. මන්ද එකී බිහිසුණු අත්දැකීම නැවත සිහිකිරීම පවා බිය ගෙනදෙන්නක් බැවිනි. එහෙත් පසුගිය හතරවැනිදා සිට සාමාජ මාධ්‍යයන්හි පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡාවට ලක්වූ සුවිශේෂ ලිපියක් නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ ඛේදනීය මතකය යළිත් අවදිවූ සේය. මෙකී සාකච්ඡාවට ප්‍රස්තුතය වූයේ එක්තරා ලිපියකි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත යවා තිබූ ඒ ලිපියට සෑම අතින්ම සමාන ලිපියක් 2019 වසරේ අප්‍රේල් මාසයේ මෙරට ආරක්ෂක ප්‍රධානීන් අතර හුවමාරු විය. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ ලිපියයි.

පසුගිය 2019 වසරේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට සන්නද්ධ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම ඇති බව ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මෙරටට රජයට අනතුරු අඟවා සිටියේය. එහෙත් ඒ සම්බන්ධව ප්‍රමාණවත් ක්‍රියා මාර්ගයන් මෙරට විසින් නොගැනීම නිසා පස්කු ප්‍රහාරය වළකා නොහැකි වූ බවට රජයට චෝදනා එල්ල විය. පසුකාලීනව එවක සිටී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නටද හේතුව වූයේ මෙකී ලිපිය නොසලකා හැරීමය. එමතුදු නොව යහපාලන රජයේ බිඳවැටීමේ ආරම්භයට මෙන්ම ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය ජයගන්නටත් පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ බහුතරයක් සහිතව 2020 මැතිවරණය ජයගන්නට පවා මඟ පාදන්නේ එකී චෝදනාවය. මේ සියලු කරුණු කාරණා මතකයෙන් ගිලිහී නොමැති ලාංකේය සමජය බුද්ධි අංශ විසින් නැවතත් සංවිධනාත්මක ප්‍රහාරයක අනතුර ඇතැයි පැවසීම නිසා කැලඹීමකට පත්වීම පුදුමයක් නොවේ.

පොලිස්පතිවරයා විසින් ආරක්ෂාක ලේකම් වෙත යවන ලිපියෙන් කියවෙන පරිදි ජූලි 05 හෝ 06 වැනි දින විදෙස් බුද්ධි සේවයක් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ප්‍රහාරයකට අර අඳී. එපමණක්ද නොව කළු කොටි දිනයට සමාන්තරව එල්ල කරන එකී ප්‍රහාරයේ වගකීම එල්.‍ටී.ටී.ඊ. සංවිධානය මත පටවන්නට ප්‍රහාරකයෝ සූදානම් වෙති. මෙම ප්‍රහාරය නිසා උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක විදෙස් සංවිධානවල නිලධාරීන්ට ජූලි 05 සහ 06 දෙදින තුළ තම කාර්යාලවලින් බැහැරව නොයන ලෙසත් යම් පාර්ශ්වයක් දැනුම්දී ඇති බවත් මෙම තොරතුරු බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියකුගේ පෞද්ගලික ඔත්තු කරුවෙක් දැනුම් දී ඇති බවද එම ලිපිය පවසයි. පුදුමයකට මෙන් එම ලිපියේ තොරතුර සැපයූ බුද්ධි අංශ නිලධාරියාගේ නම සහ සේවා අංකයද හෙළිකර තිබිණි. (එම නම හෝ අංකය ලියුම්කරු මෙහි සඳහන් නොකරනුයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ නම්ගම් සහ තොරතුරු නිරාවරණ කිරීම නීතියට මෙන්ම මාධ්‍ය සදාචාරයටද එකඟ නොවන බැවිනි.)

ඇත්තම තත්ත්වය මේ දිනවල රටේ ආරක්ෂාව බින්දුවට වැටී ඇති බවය. පෝලිම්, උද්ඝෝෂණ පා ගමන් නොමති දිනයක් රටේ සොයාගැනීමටවත් නැත. එබැවින් මෙවැනි ලිපියක් සම්බන්ධව දැඩි අවධානයක් යොමුකිරීම රජයේ එගකීම වෙයි. එහෙත් මහජන ආරක්ෂාව පිළිබඳ ගන්නා ලද එවැනි කිසිදු අමතර පියවරක් ප්‍රායෝගික ඇසින් බලන්නකුට සමාජයේ දැකගත නොහැකිය. එබැවින් මේ ලිපිය පිළිබඳ ඕනෑම කෙනකුට ඇතිවන්නේ සාධාරණ සැකයකි. දෙවැනි කරුණ නම් මේ ලිපිය පිළිබඳ සමාජයේ කතිකාවක් ඇතිවීමට සමාන්තරව මහජන ආරක්ෂාව භාර අමාත්‍යාංශයෙන් නිකුත් කරන නිවේදනයයි. ඉන් කියැවෙන්නේ මෙය තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බැවින් මහජනයා කලබල නොවී තම එදිනෙදා වැඩකට‍යුතු කරගත යුතු බවයි. එතරම් සරල තොරතුරක් නම් පොලිස්පති විසින් එය ආරක්ෂක ලේකම්ට දැනුම් දීමට පෙළඹේ යැයි අපට නම් සිතෙන්නේ නැත. එසේ නම් මේ ලිපියේ අරමුණ කොටි සංවිධානයේ නම භාවිත කරමින් යම් පාර්ශ්වයක් වෙනත් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ උත්සාහයක යෙදෙන බව දැයි ඕනෑම කෙනකුට සාධාරණ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක. පසුගිය හතරවැනිදා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විමසා සිටියේ මේ සැබෑ තර්ජනයක්ද නොඑසේ නම් යම් මර්දන ක්‍රියාවක්ද යන්නය. සැබැවින්ම මේ ලිපිය යට සැඟවී ඇත්තේ ක්‍රියාත්මක කිරීමට යෝජිත යම් මර්දනයක් සධාරණීකරණය කිරීමේ උත්සාහයක් දැයි යන සැකය සියලු දෙනා තුළ ඇතිවේ.

බළලා මල්ලෙන් එළියට පනිනුයේ මෙම ලිපියේ දෙවැනි පරිච්ඡේදයෙනි. ඉන් කියැවෙනුයේ වෙනත්ම කතාවකි.

ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ සහ දේශපාලනඥයන්ගේ නිවෙස්වලට පහරදීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ සාමාජිකයන්ගේ සූදානමක් ඇති බවත්, එසේ කිරීමෙන් ආණ්ඩුව අපහසුතාවකට පත් කිරීමට විපක්ෂය සූදානම් වන බවත්ය. මෙය බුද්ධි තොරතුරක්ද යන්න ලිපියේ සඳහන් නොවන අතර ‘මා ලද තොරතුරක්’ ලෙස පමණක් සඳහන් වෙයි.

පසුගිය මැයි 09 වැනිදා ‘මයිනා ගෝ ගම’ සහ ‘ගෝඨා ගෝ ගම’ විරෝධතාවන්ට එල්ලවූ ප්‍රහාරයන්ගෙන් පසු ප්‍රතිප්‍රහාර ලෙස දේශපාලනඥයන්ගේ නිවාසවලට එල්ලවූ ප්‍රහාරයන් සම්බන්ධවද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටය. ඊට සමාන්තරව පොලිස්පතිතුමාද පවසා සිටි‍‍යේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 450කින් 150 දෙනෙක් ජ.වි.පෙ. සාමාජිකයන් බවය. එකී තොරතුරු කුමන පදනමකින් තහවුරු කරගත්තේද යන්න පැහැදිලි නැතිමුත් චෝදනාව බරපතළය.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම් වෙත යැවූ ලිපිය මගින් තම පක්ෂ දෙකට එල්ල කළ චෝදනා සම්බන්ධව එම පක්ෂ දෙක මාධ්‍ය හමුපවත්වා පිළිතුරු ලබාදුන්නේය. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට ආණ්ඩුව විහිළු කරන්නට පටන්ගෙන ඇති බවය. පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව පවසනුයේ මේ ප්‍රකාශය ආණ්ඩුව විසින්ම පහරදී එහි වගකීම විපක්ෂයේ පක්ෂ වෙත පවරා ජනතා අරගලයට නායකත්වය දෙන දේශපාලන ක්‍රියාධරයන් මර්දනය කිරීමට උත්සාහ කිරීමක් බවය. එමෙන්ම තෙල් පෝලිම් ආශ්‍රිතව යුද හමුදාව යෙදවීමෙන් ආණ්ඩුව උත්සාහ කරනුයේ ජනතාව සහ හමුදාව අතර ගැටුමක් නිර්මාණය කර, නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට යන මර්දනයට වලංගුභාවයක් ලබාදීමට යැයි එම පක්ෂය චෝදනා කරයි.

තම දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් විපක්ෂ දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් දඩයම් කිරීම 1982 සිටම ශ්‍රී ලංකාවේ සුලබ සිදුවීම්ය. මැතිවරණයක් නොපවත්වා සිය හයෙන් පහේ අධිකතර බලය තවත් වසර පහකට දීර්ඝ කරගනු වස් පැවැත්වූ ජනමත විචාරණය දිනාගන්නට ජේ.අර්. ජයවර්ධන විජය කුමාරණතුංග, ඔසී අබේගුණසේකර, ෆීලික්ස් පෙරේරා වැනි දේශපාලනඥයන් නැක්සලයිට් චෝදනාව නගා බන්ධනාගාර ගතකිරීම එවන් එක් අවස්ථාවකි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ සිරිල් මැතිව් ප්‍රමුඛ ජාතිවාදී දේශපාලනඥයන් මුල්වී අරම්භ කරන ලද 1983 කළු ජූලියේ පව් කන්ද ජේ.ආර්. තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ කරපිටය. ඉන්ද නොනැවතී ඔහු 1983 ජූලි 30 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාශික පක්ෂ කිහිපයක් තහනම් කරන්නේය. සෙසු පක්ෂ තහනම පසුකාලීනව ඉවත් කළද ජ.වි.පෙ. තහනම දිගටම පවත්වාගෙන යාමට ජේ.ආර්. කටයුතු කළේ එම පක්ෂයට ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීමේ අවස්ථාව අහිමි කරමිනි. එකී දේශපාලන වරද 87 – 89 භීෂණය නිර්මාණය කිරීමට ඍජුවම දායකවූ අතර ඊට දහස් ගණන් ජනතාවක් ජීවිතයෙන් වන්දි ගෙවූහ. කෝටි ගණන් වටිනා දේපළ ගිනිබත් වූ අතර ශ්‍රී ලංකාව ‘ආසියාවේ මස් මඩුව’ තත්ත්වයට පත්විය. එදා ඒ වැරදි දේශපාලන තීන්දුව ගත් ජේ.ආර්.ගේ බෑණා රනිල් අද අගමැතිය. එහෙයින් මාමා කළ වරද තමා නොකරන්නට මෙන්ම අන් අය කිරීම වැළකීමටද ඔහුට වගකීමක් මෙන්ම වගවීමක්ද තිබෙන්නේය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අඟහරුවාදා ජාතික ශෝක දිනයක් කරයි! කොඩිය අඩ කුඹු කරන්න ඉල්ලයි!

Next Post

අරගල භූමියට හමුදාවෙන් ගහන්නද යන්නේ! දැනටමත් වට කරලාලු! මෙන්න ඇත්ත කතාව! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.