ඉන්දියානු නෞකාවක් වන ‘INS SATPURA’ පසුගියදා කොළඹ වරායට පැමිණියේය.Sri Lanka Latest News
ඒ, නැව් භාණ්ඩ නැවත පිරවීම සහ සේවා අවශ්‍යතා සඳහාය.
දිගුකාලීන නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව (SLN) විසින් නෞකාව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
‘INS SATPURA’ යනු මීටර් 142.5 ක් දිග නෞකාවක් වන අතර එය 403 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබේ.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ කාර්ය මණ්ඩලය දර්ශන නැරඹීමේ චාරිකා වල නිරත වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.










