පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමන් විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තබා තිබූ ෆේස්බුක් සටහනට පිළිතුරු ලබා දීමට බැසිල් පිලේ හිතවතුන් කටයුතු කොට ඇත.
ඒ අනුව පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පෙන්වා දී ඇත්තේ ‘මම නෙමෙයි අරයා’ කියන න්‍යායෙන් ඈත් වන ලෙසයි.
“රොමැන්තික අදහස් නොව, රට කිරීමේ දී මතුවන ප්‍රායෝගික අභියෝග ගැන සැලකිලිමත් වන්න. එම වගකීම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඇති නිසා හුදු උද්වේගකර කතා ප්‍රකාශ කර ‘මම නෙමෙයි අරය’ න්‍යායයෙන් මිදෙන්න” යනුවෙන් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබිණ.
වීරවංශ මහතා තබා තිබූ සටහන මෙසේය.
.“බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ‘බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය’.
දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.
ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත.
සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.
ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි.
කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි”යි ඔහු එම නිවේදනයේ දක්වා තිබිණ.










