තමා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස, රජිව් ඝාතන නඩුවෙන් නිදහස ලැබූ එක් සැකකරුවෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ, රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ සැකකරුවන් හත් දෙනාගෙන් අයෙකු වූ සාන්තන් හෙවත් සුසෙන්ති රාජා නමැති අයයි.
‘හින්දු’ පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, යළි ලංකාවට පැමිණ තම මහළු මව සමග ජීවත් වීමට අවසර ලබාදෙන ලෙස සැකකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
මේ වන විට අදාල සැකකරු තිරුචීවල පිහිටි විශේෂ කදවුරක රදවා සිටියි.
තමන් ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලා, අදාල සැකකරු ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් මදුරාසි මහාධිකරණ විනිසුරුවරයෙකු පසුගිය දා ඉවත් විය.
headlinenews










