ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි.
තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් කටයුතු කරන ලෙසයි.
තව ද තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.
Deeply concerned about actions taken against protestors at Galle Face in the middle of the night. We urge restraint by authorities & immediate access to medical attention for those injured.
— Ambassador Julie Chung (@USAmbSL) July 22, 2022










