වෙඩි තැබීමක් හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නැති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇත.
මේ අතර වැල්ලවත්ත වෙරළාරක්ෂක කඳවුර ආසන්න මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් හමුව තිබේ.
මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.
අද උදෑසන මළ සිරුර සොයා ගෙන ඇත්‍තේ, වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් මතයි.
පොලිසිය පැවසුවේ, අවරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මිය ගිය පුද්ගලයාගේ සිරුරෙහි තුවාල කිසිවක් ඇති බවට නිරීක්ෂණය නොවන බවයි.










