තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුදයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුධය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.
තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් දිය හැකි බවටත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද දැනගන්නට ඇත.










