ඊයේ (12) පස්වරු 5.50ට පමණ මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීම සඳහා ඉලක්කය වූ පුද්ගලයා ඉන් ජීවිතය බේරාගත් පසු ඔහුගේ පාර්ශ්වයෙන් ගොස් නිවාස 4කට පහරදී ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙඩිතැබීම සිදුවූ අලිවත්ත ප්‍රදේශයේම නිවාස කිහිපයක් වෙතය.
සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වය චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය සිදුකළ බවය.
අද පස්වරු 5.50 ට පමණ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසකට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර වෙඩිතබා තිබුණි.
අශාන් මදුරංග නැමති 24 හැවිරිදි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත.
ඔහු වෙඩිතැබීමෙන් ජීවිතය බේරාගත් අතර වෙඩික්කරුවන් පළාගොස් තිබුණි.










