යුක්තිය මෙහෙයුමට සමාගාමීව වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් 21g ක් ප්‍රවාහනය කල විවාහක යුවලක් අත්අඩංගුවට ගන තිබෙනවා.Sri Lanka Latest News
අත්අඩංගුවට ගත් සැකකරු කජුලන්ද වත්ත, මාරවිට, දඹදෙනිය ලිපිනයේ පදිංචි සංජීව සමන් කුමාර (අවු. 31) වන අතර, මාහවඩුගේ සන්දීපනී නිලූෂා (අවු.28) වන සැකකාරුගේ බිරිද සමග අංක NW YY 6697 ත්‍රීරෝද රථයෙන් හෙරොයින් ප්‍රවාහනනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකාර කාන්තාව විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් 01g ක ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය ගුලි 02 ගිල දමා ඇති බවට අනාවරණය වීමෙන් පසුව සැකකාරිය මාරවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, කාන්තාව විසින් ගිල දමන ලද හෙරෝයින් 01g ක ගුලි 02 ක් රෝහලේදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ කාන්තාව සම්බන්ධයෙන් දින 07 ක රැදවුම් නියෝග මත වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.













