පසුගිය වතාවේ මෙන් නොව ඊළග වතාවේ ජීවත් වීමට නොහැකිව අඩු ආදායම්ලාභීන් පාරට බැස අරගල කිරීමට ගියහොත් ලේ වැගිරීමකින් එය අවසන් විය හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට දේශනයක් සිදුකරමින් වීරසිංහ මහතා මේ බව පැවසීය.










