වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන කතා කියා බොරු කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවිම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත් එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බවත් ලෝකය වටේ එක එක දේවල් කිය කියා ගොස් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය චීන නැව සම්බන්ධයෙන් පවා විවිධ කතා කියා ඇති බවත් ඉන්දියාවට එයට එන්න නොදෙන බව පවසා චීනයට එන්න කියන බවත්, මොහොතින් මොහොත වෙනස් වෙන කතා කියන නිසා රටට වැදගත් වන ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමඟ තරහ වී ඇති බවත් රාජ්‍ය පාලනයක් හෝ විදේශ ප්‍රතිපත්තියක් මෙසේ ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
යූඇන්පීයට බොරු කළාක් මෙන් ජාත්‍යන්තරයට බොරු කිව නොහැකි බවත් චීන නැවේ ගැටලුව සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වීම නිසා බොහෝ රටවල අප සමඟ තරහ වී ඇති බවත් යූඇන්පීයට බැරි වුනාට සමගි ජන බලවේගයට සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ඇති බවත් කේලම් දේශපාලනය හරහා විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ඇති දුර්වල රජය සිදු කරන ක්‍රියාකාරකම් නිසා අප රටේ ජනතාව සහ රටත් සමඟ තරහ නොවන ලෙස ඉල්ලා සිටින බව යි.