ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙකු ඔස්ට්‍රේලියාවේදී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. (Sri Lanka Latest News)
මෙලෙස අතුරුදන්ව ඇත්තේ තිශාන්තන් නමැති තරුණයෙකි.
18 හැවිරිදි මෙම තරුණයා පසුගිය සිකුරාදා දිනයෙන් පසුව අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු අතුරුදන්ව ඇත්තේ මෙල්බන් බීකන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේදීය.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තරුණයා අවසන් වරට මෝටර් රථයකින් ගමන්කරමින් සිට ඇති බවට තහවුරු වී ඇති බවය.
වික්ටෝරියා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
adaderana










