• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යල්පැන්න ප්‍රතිපත්තිය වෙනුවට රටේ ආර්ථිකය හදන සජබ ආර්ථික ප්‍රතිපත්තිය අලුත් වෙයි! මහාචාර්ය ඩඩ්ලි සියර්ස්ගේ ආර්ථික දැක්ම පිළිගනී! පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරාගෙන් විශේෂ ප්‍රකාශයක්! රටේ ආර්ථික අර්බූදය ගැනත් අතිවිශේෂ අනාවරණයක්!  I Sri Lanka Latest News

February 26, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
දොරවල් වහගෙන IMF එක සජිත් එක්ක කරපු සාකච්ඡාවේ තොරතුරු පේරාදෙණි සරසවියේ ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මුල්වරට මාධ්‍යයට හෙළිකරයි! මෙන්න වීඩියෝව!VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසී ය,

‘‘රටක ආර්ථික වර්ධන වේගයත් සමඟ දරිද්‍රතාවයට , අසමානතාවයට , විරැකියාවට සිදුවන දේ පිළිබඳව මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයා දැඩි ලෙස සාකච්ඡාවට භාජනය කර තිබෙනවා. ඒ අනුව ආර්ථිකයේ වර්ධනය වේගය සමඟ රටක දුප්පත්භාවය අඩුවිය යුතුයි. ඇති නැති පරතරය අඩු විය යුතුයි. ඒ වගේම රැකියා ප්‍රශ්නයට උත්තරයක් ලැබිය යුතුයි. ඒ වගේම මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයාගේ ආර්ථිකය පිළිබඳව දැක්ම විපක්ෂනායක , සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගනු ලබනවා.

ඒ වගේම 2024 දී ශ්‍රම බලකා සහභාගිත්ව සමීක්ෂණක් ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවා. ඒ අනුව 2024 දී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතික අගය සියයට 47 ක් වෙනවා. කෙසේ නමුත් 2017 දී ශ්‍රම සහභාගිත්වය පැවැතුනේ සියයට 54 ක. ඒ අනුව ශ්‍රම සහභාගිත්ව අනුපාතිකය සියයට 6.7 කින් බරපතල ලෙස අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩ කරන වයසේ පසුවන ජනගහනය මිලියන 16.8 යි. මෙයින් රටේ ශ්‍රම සැපයුමට සක්‍රීයව දායක වන්නේ මිලියන 8 ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම විරැකියා අනුපාතය සියයට 4.4 ක් වෙනවා. එයින් විරැකියාවෙන් පෙළන පුරුෂයින් ගණන සියයට 3 යි. එයින් විරැකියාවෙන් පෙළන ස්ත්‍රීන් ගණන සියයට 7.1 ක් වෙනවා. වැඩ කළ හැකි වයසේ කාන්තාවන්ගෙන් විධිමත් ශ්‍රම බලකායට දායක වී තිබෙන්නේ සියයට 30 වගේ ප්‍රමාණයක්. රටේ කාන්තාවන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුට රැකියා නැහැ. ඒ වගේම රැකියා නැති ප්‍රතිශතය අධ්‍යාපන මට්ටම වැඩි වෙන විට විරැකියාව වැඩිවන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම අවුරුදු 20 ත් 24 ත් අතර තරුණ විරැකියා අනුපාතය සියයට 20.7 ක් වෙනවා. අවුරුදු 20 ත් 24 ත් අතර තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නැහැ. මෙය බරපතල ප්‍රශ්නයක්. මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරනු ලබනවා. ඒ වගේම ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හරහා හෙලිවන තොරතුරු වලින් රටේ ශ්‍රම වෙළපොලේ සෑබැ ස්වභාවය අවතක්සේරුවකට ලක්වෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. බොහෝ දෙනෙක් රැකියාවක් කිරීමට අකමැතිව ශ්‍රම බලකායෙන් ඉවත්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම 2022 සහ 2023 වර්ශවල පන් ලක්ෂ තිස් පන්දහසක් විදේශගත වී තිබෙනවා. ඒ වගේස 2024 දී ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් විදේශගත වී තිබෙනවා. මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයාගේ මොඩලය තුළින් බලන විට රටේ ආර්ථික වර්ධන වේගයක් ඇතිවන අවස්ථාවක විරැකියාව වැඩි වී තිබෙනවා. ඒ වගේම 2017 සහ 2018 වර්ෂවලට සාපෙක්ෂව දුප්පත්භාවය දෙගුණයකින් වැඩි වී තිබෙනවා. ඒ වගේම සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් රටේ දුප්පත් ජනතාව සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව දුප්පත්භාවය වැඩි වෙමින් , රැකියා ප්‍රශ්න ඇති වෙමින් ඇති නැති පරතරය වැඩි වෙමින් පවතිනවා. ඒ පිළිබඳව ආණ්ඩුව වහාම මැදිහත්විය යුතුයි.

කෙසේ නමුත් 1948 දී සහ 1960 අතර කාල වලදී රැකියා ප්‍රශ්නය සහ අසමානතාවයන් සඳහා එවක පැවැති රජයන් ගල් ඔය ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම 1977 සහ 1990 කාලයේදී කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා. 1977 න් පසු නිදහස් වෙළද කලාප ඇති කරන්න කටයුතු කරනු ලැබුවා. ඒ වගේම 1989 සහ 1993 ද දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ජන සවිය වැඩසටහන විශේෂ වෙනවා. එම වැඩසටහන තුළ දුප්පත් ජනතාව සදාකාලිකවම දුප්පත්භාවයෙන් ගලවා ගන්න වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණා. එම වැඩසටහන තුළ ශ්‍රම සැපයීම අනිවාර්ය කරන්න කටයුතු කර තිබුණා. ඒ වගේම අඟුලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරන්නත් දිවංගත රණසිංහ ප්‍රේමාදස මහතා කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ මෙම සංකල්පයන් අද අර්බුදයට යමින් තිබෙනවා. ඒ වගේම මෙම විරැකියා අර්බුදය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සෘජුව දැනෙනවා.

ඒ වගේම වර්තමාන රජය වැට් බද්ද සියයට 18 ක් , සමාගම් බදු සියයට 30 ක් , උපයනවිට ආදායම් බද්දේ සිමාව සියයට 36 ක් ලෙස පවතිනවා. මෙවැනි තත්ත්වයක හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2025 ලංකාවේ බදු ක්‍රමය විනාශකාරි බදු ප්‍රතිපත්තියක් ලෙස හදුන්වා තිබෙනවා. ආණ්ඩුව බදු වැඩි කිරිම හරහා ශ්‍රම සැපයුම සීමා කර තිබෙනවා. ඒ වගේම සමාගම් මත ඉහළ බද්දක් අය කිරීම හේතුවෙන් සමාගම්වල රැකියා උත්පාදනය අඩුවෙලා තිබෙනවා. ඒ නිසා රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන බදු පැනවීම සිමා කරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම මහා පරිමාන කර්මාන්ත වැසී යාමේ තත්ත්වයක් මේ හරහා උද්ගතවී තිබෙනවා. ඒ වගේම සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තවල රැකියා ප්‍රශ්න මතුවී තිබෙනවා. ඒ වගේම 2023 වසරේදී සියයට 15.1 ක කර්මාන්ත අංශයේ රැකියා අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වනවිට සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්ත 30 ක් පමණ වැසී ගොස් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම ඉහළ නිපුණතාවයක් සහිත වෘත්තිකයින් රට හැර යාම රටේ අනාගතයට විශාල බාධාවක් ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්ෂණික අවදානය යොමු කළ යුතු වෙනවා.

ඒ වගේම සියයට 15 අපනයන සේවා බද්ධ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණයට සහ දැනුම ක්‍රියාවලි බාහිරකරණයට බලපැමක් එල්ල කර තිබෙනවා. 2025 දී ඩොලර් බිලියන 3 ක් උපයා ගන්න බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තු මේ වනවිට ඇහිරි ගොස් තිබෙනවා. ආණඩුව ගෙන යන බදු ප්‍රතිපත්තිය හමුවේ රටේ තරුණ තරුණියන් වෙනත් රටවලට යාමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ මන්රේගා වැඩසටහන යටතේ ග්‍රාමීය අංශයේ පවුලක් වර්ශයකට දින 100 ක් ශ්‍රම බලකායට සහභාගි කරවා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කර්මාන්ත සමඟ වෘත්තිය අධ්‍යාපනයක් ලබා දෙන්න ජර්මනිය කටයුතු කර තිබෙනවා. මෙවැනි වැඩසටහන් සම්බන්ධයෙන් ආණ්ඩුව සාකච්ඡා කළ යුතුයි.

කෙසේ නමුත් හානි කර බදු ඉවත් කිරීමට , ජාතික රැකියා සහතික කිරීමට , හදිසි තරුණ වැඩසටහන් ඇති කිරීමට , වෘත්තිකයින් රට හැර යාම අඩු කර ගැනීමට , උපයන විට අදායම් බද්ද අඩු කිරීමට , ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ලංකාවේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. කර්මාන්ත අංශයේ සේවා වියුක්තිය වැඩි වන බව සජිත් ප්‍රේමදාස මහතාත් දිගින් දිගටම මතු කරනු ලැබුවා. ඒ අනුව සංඛ්‍යා ලේඛනවලින් ඔබ්බට ගොස් යථාර්තය තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන කටයුතු කරන්න ආණ්ඩුව වහාම සුදානම් විය යුතුයි. එසේ නොමැති වුවහොත් දිගුකාලින ආර්ථික වර්ධනයක් රටට අත් කර ගැනීමට නොහැකි වෙනවා.

ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හරහා රුපියල් බිලියන 8 ක පමණ මුල්‍ය පාඩුවක් සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත් රුපියල් බිලියන 8 ට වඩා වැඩි පාඩුවක් මේ හරහා සිදුවෙලා තිබෙනවා. ඒ අනුව විදුලි ජනනය සඳහා වැය වන අමතර ගල් අඟුරු ප්‍රමාණය සඳහා වන පිරිවැය , ලක් විජය බලාගාරයේ යාන්ත්‍රික දෝෂ ඇති වුණොත් ඒ හරහා අමතර පිරිවැයක් දැරිමට සිදුවෙනවා. කෙසේ නමුත් මේ හරහා සිදුවී ඇති සමස්ත පාඩුව ගණනය කිරීම සඳහා ඉතා හොඳ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මෙම ගල් අගුරු වංචාව හරහා සිදුවී තිබෙන සෘජු පාඩුව ගණනය කර ගැනිමට එම කමිටුවට තිබෙනවා. නමුත් මෙම වංචාව හරහා වක්‍රව සිදුවී ඇති මුල්‍ය හානිය පිළිබඳව තක්සේරු කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ අනුව පරිසර දුෂණය සම්බන්ධයෙන් , විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් , අඛණ්ඩය විදුලි සැපයුම ලබා දීමට නොහැකි වුවහොත් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් , ඒ වගේම නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සම්බන්ධයෙන් , ප්‍රවාහන පිරිවැය ඉහළ යාම සම්බන්ධයෙන් , මෙවැනි වක්‍ර පිරිවැය ගණනය කිරීමට ජනාධිපතිවරයාට සහාය දුන්න රුහුණ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයින් මෙම කමිටුවට ඇතුලත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. එසේ නැති වුණොත් මෙහි සැබැ පාඩුව ගණනය කර ගැනීමට නොහැකියි.‘‘

SendShareShare
Previous Post

ඉල්ලීම් 8කට ප්‍රතිචාර නෑ! විදුලියේ වෘත්තීය සමිති 21ක් අද වරුවක් සංතේක වර්ජනයක! Sri Lanka Latest News

Next Post

රුසියාව හා යුක්රේනය වහාම සටන් විරාමයකට එන්න! එක්සත් ජාතීන්ගේ සංගමය යෝජනාවක් සම්මත කරයි! පක්ෂව ඡන්ද 107යි! විරුද්ධව ඡන්ද 12යි! ලංකාව කාටවත් ඡන්දය දීලා නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.