නීති විරෝධී ලෙස පසුගිය කාලයේ විදේශීය ගමන් බලපත්‍ර නිකුත්කර ඇත්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශනය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.
අයතා ක්‍රම මාර්ගයෙන් පසුගිය කාලයේ විවිධ පුද්ගලයින්ට නීත්‍යනුකූල නොවන ලෙස විදේශීය ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවට ලැබුණු තොරතුරු මත පදනම්ව එම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
මෙහි ආසන්තම සිද්ධිය වන්නේ විදෙස් ගතව සිටින කෙහෙල්බද්දර පත්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමයි.
ඒ සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලක වරයෙකු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.










