ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් මහබැංකු අධිපති ධූරයේ තබා ගත යුතු බවට අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනාවක් සම්මත වී තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ වසන්ත යාපා බණ්ඩාර විසිනි. එය සුරේන් රාඝවන් විසින් ස්ථිර කොට ඇත.
මෙහිදී නන්දලාල් වීරසිංහ මහතාට පක්ෂව ජන්දයක් ඉල්ලන ලෙසද මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මෙහිදී නන්දලාල් වීරසිංහ මහතා පිළිබදව සහතිකයක් දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ‘නිවාඩ්ගේ ඉතිරි ධූර කාලයට තාවකාලිකව තමයි නන්දලාල් මහතාව පත් කලේ. ඒකට මුදල් ඇමතිතුමා අනුමැතිය ලබා දිය යුතුයි . මම අගමැතිතුමා සමග මේ ගැන සාකච්ඡා කරන්නම්.’ යැයි කියාය.










