හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
2022 සහ 2024 අතර කාලයේ දී සිදු කළ විදේශීය සංචාර 23 ක් වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා රුපියල් බිලියන 1.27 ක මුදලක් වැය කර තිබෙන බව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මාසයේ දී අනාවරණය කළේ ය.










