රජය විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද වනවිට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට බලාපොරොත්තු වන ආකාරය පාරදෘශ්‍යභාවයෙන් තොර වීම කණගාටුදායක තත්ත්වයකි. ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කාල රාමුවක් සහිත වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කළ යුතු වේ. නැතහොත් මේ පිළිබඳව රට තුළ පවතින අවිනිශ්චිතභාවය රටේ සමස්ත ආර්ථිකයට ද අහිතකර අන්දමින් බලපානු ඇත. විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය බැංකු පද්ධතිය හා කොළඹ කොටස් හුවමාරුව සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත නිරවුල් හා පැහැදිලි වැඩපිළිවෙලක් කඩිනමින් රජය විසින් ඉදිරිපත් කළ යුතුව ඇත.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් නගනු ලැබීය.










