• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.Sri Lanka Latest News

රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එම සාකච්ඡා ඉතා සාර්ථකයි. රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති ගිවිසුමට අනුව ගත් තීන්දු තීරණවල ප්‍රගතිය සම්බන්ධව ඔවුන් රටට දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොමු කළ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. මේ අනුව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමත්, විදේශ සංචිත වැඩි කිරීමත් රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමටත් අවශ්‍යයි.

පසුගිය සමයේ 95%ක්ව තිබූ ආහාර උද්ධමනය මේ වන විට -5%ක් දක්වා පහතට ගෙන ඒමට හැකි වී තිබෙනවා. උද්ධමනය 70% සිට 2.6%කටත්, ඩොලර් මිලියන 20ක් තිබූ විදෙස් සංචිතය ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්ධවයි. ඊට මූලික හේතුව රාජ්‍ය ආදායමෙන් 90%ක්ම බදු හරහා සපයා ගන්නා නිසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3101ක ආදායම් ඉලක්කයක් මේ වසර සදහා රජය බලාපොරොත්තු වෙනවා.

නමුත් මේ වන විට එකතුකර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 956ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 578ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109ක් වශයෙන් රුපියල් බිලියන 1643ක් පමණයි.

අප විශ්වාස කරනවා මේ වසර අවසාන වන විට මේ කටයුතු කර ඇති ආකාරයට, ලබාදී ඇති ඉලක්කයෙන් එකතු කර ගත හැකි බදු ආදයම රුපියල් බිලියන 2380ක් පමණයි. මේ අනුව රුපියල් බිලියන 637ක හිඟයක් ඇති වෙනවා.

නමුත් මේ ආදායම එකතු කර ගැනීම කල නෙහැක්කක් නොවෙයි. ඒ නිසා අප කාරක සභාව විසින් රජය බලාපොරොත්තු වන ඉලක්කයට යෑමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවා. එහිදී රජයට වැඩිම ආදායමක් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන කාරත සභාව හමුවට කැඳවනු ලැබුවා.

ඒහි දී අනාවරණය වූ ආකාරයට 2022 වසරේ මේ ආයතන විසින් නිසියාකාරව අදාළ බදු මුදල් එකතු කර ගැනීමට සැලසුම් සකස් කළා නම් මේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකියාව තිබුණා.

පසුගිය වසරේදී (2022) මෙරට පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව ලෙස දෙලක්ෂ අනූදෙදහසක් වාර්තා වී තිබෙනවා. මිලියන 22ක ජනගහනයක් සිටින රටේ බදු ලිපි ගොනු තිබෙන්නේ දෙලක්ෂ අනූදෙදහසක් පමණයි. ඒ අනුව මේ ලිපි ගොනුවලින් රුපියලක් හෝ බදු ගෙවා තිබෙන්නේ 10%ක් පමණයි.

ඒ වගේම මෙරට සමාගම් එක්ලක්ෂ පන්දහසක් තිබෙනවා. එයින් බදු ගෙවනු ලබන්නේ සමාගම් 15%ක් පමණයි. රාජ්‍ය ආදායමෙන් 86%ක් එකතු වෙන්නේ සමාගම් 494කින් පමණයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2500ක සේවකයන් පිරිසක් ඉන්නවා.

රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතුයි.මේ ආයතනවල පවතින අක්‍රමිකතා මැඩපැවැත්වුවහොත් අපිට බිලියන 500කින් ආදායම වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව මගින් වසරකට රුපියල් බිලියන 360ක් සහ සුරාබදු ‌දෙපාර්තමේන්තුව මගින් වසරකට මිලියන 60ක් වශයෙන් රුපියල් බිලියන 500ක් පමණ අකාර්යක්ෂමතාව සහ අක්‍රමිකතා නිසා රජයට අහිමි වී තිබෙනවා.

උදාහරණයක් ලෙස ගතහොත් මේ රටේ මත්පැන් නිෂ්පාදනාගාරවලින් මාසිකව මත්පැන් බෝතල් මිලියන 50ක් පමණ නිෂ්පාදනය කරනවා. වසරක‌‌ට මත්පැන් බෝතල් මිලියන 540-600 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නිෂ්පාදනය කරන ප්‍රමාණයෙන් 40%ක් රාජ්‍ය බදු නොගෙවා වෙනත් ආකාරයකට වෙළද පලට යනවා.

මේ තත්ත්වය වලක්වා ගන්න සුරාබදු දෙපාර්තමේන්තුව හරහා මත්පැන් බෝතල් සදහා 2018 වසරේ දී ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දුන්නා. එතැන් සිට පළමු මාස කිහිපය තුළ රාජ්‍ය ආදායම වැඩි වුණා. නමුත් පසුව ව්‍යාජ ස්ටිකර් නිසා නැවතත් 40%කින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වී තිබෙනවා. කෙසේ වුවත් සුරාබදු දෙපාර්තමේන්තුව අප කාරක සභාව හමුවට කැඳවනු ලැබීමෙන් පසුව ව්‍යාජ මත්පැන් බෝතල් 40000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙහොම නමුත් මෙම ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාව නිසා ජනතාවගෙන් චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන් වෙතයි. ඒ නිසා මේ ආයතනවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කර නිසි වැඩපිළිවෙළක් සකස් කළහොත් රාජ්‍ය ආදායම වැඩි කර ගන්න හැකියාව තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් බදු වශයෙන් රුපියල් බිලියන 904ක් අයවිය යුතුව තිබෙනවා. මෙරට දැන් පවතින ක්‍රමය අනුව යම් සමාගමකට රජයට බදු නොගෙවා අභියාචනා හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒසේ අවස්ථාව ලබා දී තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එම අභියාචනා 4 විභාග කිරීමට අවුරුදු 15ක් ගත වෙනවා. මේ නිසා රුපියල් බිලියන 904ක මුදල අය කර ගැනීම වසර 15ක් තිස්සේ පමා වෙමින් තිබෙනවා.

ඒ නිසා මේ ආයතන අධීක්ෂණය කිරීමට සහ නියාමනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු කාරක සභාවක් වශයෙන් අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද වාර්තාවක් ලබා දී තිබෙනවා. බදු වැඩි කිරීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා අලුතින් බදු ලිපිගොනු ලක්ෂ 10ක් විවෘත කරන බවට. නමුත් මේ යන විදිහට අලුතින් විවෘත වෙන්නේ ලිපිගොනු දසදහසක් පමණයි.

රටේ ජනතාවට සහනාධාර ලබා දීම, සංවර්ධන කටයුතු, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු සියලු දේවල් කරන්නේ රාජ්‍ය බදු ආදායම මගිනුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම වැඩි කර ගැනීම ගැන නැවත වරක් කල්පනා කළ යුතුයි. බදු අය ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි තීරණ ගත යුතු කාලය එළැඹ තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-26

SendShareShare
Previous Post

ලෑස්ති වෙන්න! හෙට ඉඳන් ආයෙත් හොඳට වහිනවා! Sri Lanka Latest News

Next Post

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.