දිනෙන් දින උග්‍ර වන රිළා උවදුරට පිළියම් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය. (Sri Lanka Latest News)
අදාළ උවදුර පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ පශු සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර මේ වැඩපිළිවෙළ කඩිනම් කරන බවත් මාතලේ, ඕවිලිකන්ද මකුලේමඩ ගොවි නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
රිළා උවදුර මේ වන විට ලංකාව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත්, නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන බවත් කී හෙතෙම, භෝග වගාවන්ද විනාශ කර දමන බවත් කීවේය.
මේ සඳහා වහා පිළියම් යෙදිය යුතු බැවින් මෙම යෝජනාව කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දිසානායක මහතා පැවසුවේය.
dinamina










