ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මාඋස්සාකැලේ පිහිටි ඉඩමක්, සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් සදහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු දීමට නියමිත බව වාර්තා වේ. Sri Lanka Latest News
ඊට අදාළ කුඩා දූපතක්ද මෙම බදුගිවිසුමට ඇතුළත් බව දැනගන්නට ඇත.
එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී. සමාගම සදහා මෙම ඉඩම බදු දීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා විසින්, අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද පැවසේ.
අදාල හෝටල් ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලිනය 25 ක වටිනාකමකින් යුතු එකකි.










