යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.Sri Lanka Latest News
ඉන්ධන පිරවුම්හල වසා තිබූ අවස්ථාවේදී කඩුවෙල අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ යතුරු පැදිය නවත්වා අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැතැයි ද පොලිසිය පවසයි.
අදාල ඉන්ධන පිරවුම්හලෙහි හිමිකරුගේ නිවස ඉදිරිපිට ද දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා පලා යාමේ සිද්ධියක් ද වී ඇති අතර මෙය විදේශගතව සිටින “කයිවාරු මුතූවා” නැමැත්තා මෙහෙයවනු ලබන සිද්ධීන් ජාලයක් බවට ද පොලිසිය සැක කරයි.
කොරතොට “කයිවාරු මුතූවා” නැමැත්තාට කප්පම් ලබාදීම බොහෝ ව්‍යාපාරිකයින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් මෙලෙස කුලීකරුවන් යොදවා ඔවුන්ට තර්ජනය කිරීමට මේ ආකාරයෙන් කටයුතු කරන බවද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.