කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට දඩ මුදල් ගෙවීමට ව්‍යාජ නෝට්ටුවක් ලබාදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
අදාළ පුද්ගලයා විසින් රුපියල් 5,000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් මෙලෙස දඩමුදල් ගෙවීමේ දී ලබා දී ඇති බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කළුතර නගරයේ පිහිටි බැංකුවකට අදාළ දඩ වශයෙක් ලැබුණු මුදල් තැන්පත් කිරීමට යාමේ දී එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට හදුනාගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
dasathalankanews










