ලංකා ඉතිහාසයේ දැවැන්තම පාඩුව සිදුකළ බාල ගල්අඟුරු ගෙන්වීමේ ගනුදෙනුව මුල්කරගෙන ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් රැසකටම සිරබත් කෑමට සිදුවනු ඇති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අනතුරු ඇඟවීමක් කළේය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ බාල ගල්අඟුරු ගෙන්වීමේ සිදුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පමණක් නොව ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ඇමැති මණ්ඩලයම වගකිව යුතු බවකි.
ඒ අනුව ඉදිරියේදී කුමාර ජයකොඩි අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා, එහිදී බරපතළ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට කටයුතු කරන මැති ඇමැතිවරුන් කවුරුන්ද යන්න රටටම බලාගත හැකි වනු ඇති බවද සඳහන් කර සිටියේය.
එස්.එම්. මන්ත්‍රීවරයාට අමතරව පසුගිය සතියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල මහතාද සඳහන් කර සිටියේ ගල්අඟුරු ගෙන්වීමේ චෝදනා මත කුමාර ජයකොඩි අමාත්‍යවරයාට අමතරව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකුටම ඉදිරියේදී සිරගත වීමට සිදුවනු ඇති බවකි.










