• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෝෂල් මීඩියාවල අලුත් සෙල්ලමක්! ජනප්‍රිය නළුනිළියන් රසිකයන්ට සල්ලි විසිකරන්න පටන් අරන් කියන කතාව ඇත්තද? ඔයගොල්ලොත් සල්ලි ගන්න පින්තූරයේ අංකය කිව්වාද? පෝස්ට් ෂෙයාර් කළාද? මෙන්න ඇත්ත!

May 10, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
සෝෂල් මීඩියාවල අලුත් සෙල්ලමක්! ජනප්‍රිය නළුනිළියන් රසිකයන්ට සල්ලි විසිකරන්න පටන් අරන් කියන කතාව ඇත්තද? ඔයගොල්ලොත් සල්ලි ගන්න පින්තූරයේ අංකය කිව්වාද? පෝස්ට් ෂෙයාර් කළාද? මෙන්න ඇත්ත!
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අයත් ෆේස්බුක් පිටුවකින් ඔහු විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් වීඩියෝවක් පළ කර තිබුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

“රසිකයින් සඳහා පුදුමය

පින්තූරයේ ඇති අංකය නිවැරදිව අනුමාන කරන පළමු 500 දෙනාට මම ටෙන්ජ් RS 10,000 ක් දෙන්නෙමි. ඒක ඇත්ත.”https://www.awesomescreenshot.com/embed?id=14288198&shareKey=7f390600213090a853042eaaeab42b26

Facebook | Archived Link

මේ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණු අතර එකම වීඩියෝව වාර ගණනාවක් මෙම සජීවී වීඩියෝවේ දිවෙන බවක් ද දැක ගන්නට ලැබෙනවා. එසේම අවශ්‍ය මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා Facebook සමුහ 10ක් අතරේ මෙම පණිවුඩය බෙදා ගන්නා ලෙසත් කොමෙන්ටුවක් ලෙස සඳහන් කර තිබු අකාරය ද පහතින් දැක ගන්නට පුළුවන්.

“අලුත් අවුරුදු තෑග්ග.. පින්තූරයේ ඇති අංකය අනුමාන කර IDR 950,000 ලබා ගන්න…” යනුවෙන් සඳහන් කරමින් රංගන ශිල්පී ශලනි තාරකාගේ ෆේස්බුක් පිටුවකින් වීඩියෝවක් පළ කර තිබුණු බවට දක්වමින් වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

https://www.awesomescreenshot.com/embed?id=14288176&shareKey=aeae8baa6a6f28d33f2b67e5818b465d

මේ ඔස්සේ ද බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණු අතර ඉහත පරිදි Facebook කණ්ඩායම් 15ක් අතර බෙදා ගන්නා ලෙස ද දක්වා තිබුණි.

මෙම ෆේස්බුක් සටහන් සත්‍ය වශයෙන්ම ඉහත රංගන ශිල්පීන් විසින් එක් කළ බවටත්, ඒ සඳහා සිදු කරන ප්‍රතිචාර එම රංගන ශිල්පීන් විසින් සිදු කරන බවට බොහෝ දෙනා නොමග ගොස් තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කටයුතු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

රන්ජන් රාමනායක මහතා සම්බන්ධ වීඩියෝව පළ කර තිබුණේ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙන් ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වීඩියෝවක් මෑතකදී පළ කර නොමැති බවයි.

එම වීඩියෝව 2021 ජනවාරි 01 වන දා රන්ජන් රාමනායක මහතා විසින් ලක්ෂ 40ක මුදලක් අහබු ලෙස තෝරාගන්න කමෙන්ට්ස් 5 කට මුදල් ලබා දීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඔහු විසින් පළ කළ වීඩියෝවක් නැවත ඉහත ගිණුම මගින් හුවමාරු කර ගෙන ඇති බවට අපට නිරීක්ෂණය වුණා. රන්ජන් රාමනායක මහතාගේ නිල YouTube ගිණුමේ ඒ පිළිබඳව පළ වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ඉහත රන්ජන් රාමනායක මහතාගේ බවට හඟවමින් තිබූ ගිණුම මෑතකදී නිර්මාණය කරන ලද්දක් බවට අපට දැක ගන්නට ලැබුණා. එමෙන්ම එහි පළ කර තිබුණු එකම සටහන ඉහත වීඩියෝව පමණි.

මේ පිළිබඳව අප රන්ජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත වීඩියෝව තමන් පළ කරේ බොහෝ කලකට ඉහතදී බවත්, කිසිදු අවස්ථාවක එම වීඩියෝවේ දැක්වෙන ලෙස අංක සඳහන් කරමින් එයට ප්‍රතිචාර ලෙස පළ කරන ලෙස මුල් සත්‍ය වීඩියෝවේ දක්වා නොමැති බවත් පවසා සිටියා.

රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම ගිණුම තමන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති ගිණුමක් බවත්, මේ ආකාරයට ව්‍යාජ ක්‍රම මඟින් පෙනී සිටින පුද්ගලයන් හට නොරැවටෙන ලෙසයි.

රන්ජන් අළලා මේ අකාරයටම පළවූ තවත් ව්‍යාජ වීඩියෝ සටහනක් මෙතනින්. Archived

අප ශලනි තාරකා සම්බන්ධ ඉහත වීඩියෝව පිළිබඳ අවධානය යොමු කළ අතර එම වීඩියෝව ශලනි තාරකාගේ නිල ෆේස්බුක් පිටුවෙන් හෝ ඇයගේ නිල ගිණුමෙන් හෝ මෙම වීඩියෝව මෑතකදී පළ වී නොතිබුණු බවට දැක ගන්නට නොලැබුණි.

එය පසුගිය වසරේ පසුගිය වසරේ(2022) මාර්තු 18 වන දා ඩුබායිහිදී නවක රංගන ශිල්පී සචින් ලියනගේ සමගින් ශලනි පළ කරන ලද වීඩියෝවකි. එම වීඩියෝව මෙතනින්. ඔවුන් එම අවස්ථාවේදී හෝ මුදල් ත්‍යාග ලබා දෙන බවට පවසන්නේ නැත.

එමෙන්ම ඉහත පරිදි මෑතකදී මෙම වීඩියෝව පළ කර තිබූ ගිණුමද, මීට දින කිහිපයකට පෙර නිර්මාණය කර තිබුණි.

එමෙන්ම ඉහත රන්ජන් සම්බන්ධයෙන් පළකර තිබු ව්‍යාජ ෆේස්බුක් පිටුවේ මෙන්ම ශලනි අළලා නිර්මාණය කර තිබු මෙම ව්‍යාජ ෆේස්බුක් පිටුවේ ද පළ කර තිබුණේ ඉහත වීඩියෝව ඇතුළත් සටහන් දෙකක් පමණී. මෙහිදීද, ශලනි තාරකාගේ සත්‍ය වීඩියෝව සංස්කරණය කරමින් අංක කිහිපයක් ඇතුළත් කළ වීඩියෝ කොටසක් ද, දක්වමින් මෙලෙස ජනතාව නොමග යැවීමට කටයුතු කර තිබුණි.

අප මේ පිළිබඳව රංගන ශිල්පී ශලනි තාරකාගෙන් ද, විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, තමන් පසුගිය වසරේ ඩුබායි සංචාරයකදී ලබා ගත් වීඩියෝවක් මෙලෙසින් නොමග යන අයුරින් තමන් ලෙසට හඟවමින් ව්‍යාජ ගිණුමකින් පළ කර ඇති බවයි.

එසේම ‘හිරු ස්ටාර්’ ඔස්සේ ජනප්‍රියට පත්ව ඇති නවක ගායකයෙකු වන අමිශ මිනොල් අළලා ද මේ ආකාරයට ම ව්‍යාජ සටහනක් පළකර තිබුනේ මෙලෙසින්

ක්‍රිකට් තරු අළලා ද මේ ආකාරයේ ව්‍යාජ සටහන් විටින් විට නිර්මාණය වන අයුරු අපට පසුගිය කාලයේ දැක ගන්නට ලැබුණා. ලසිත් මාලිංග අළලා මේ ආකාරයට නිර්මාණය වූ සටහනක් මෙතනින්. Archived

කාලයක් තිස්සේ මේ ආකාරයට පුජා උමාශංකර්, යුරේනි නොෂිකා ඇතුළු ජනප්‍රිය චරිත අළලා , ඔවුන්ගේ නාමයන් යටතේ පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් පිටු සහ ගිණුම් ඔස්සේ හුමාරු වන මෙවැනි තවත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් අපට හමුවුණා. ඉන් කිහිපයක් පහතින්.

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරින් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් මුදල් ලබා දෙන බවට හඟවමින් පළ වූ වීඩියෝ සියල්ල මීට පෙර විවිධ අවස්ථාවන්හි දී එකී පුද්ගලයින් විසින් සජීවීව පලකරන ලද වීඩියෝ කොටස් නොමඟ යවන සුළු ආකාරයට යොදා ගනිමින් හුදෙක් රීච් ලබා ගැනීම සඳහා ව්‍යාජ පිටුවලින් නිර්මාණය කරන ලද වීඩියෝ බවයි.

FACTCRESINDO

SendShareShare
Previous Post

එපා කියද්දී බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන්න 41ක් ප්ලේන් එකෙන් ලංකාවට එවයි!

Next Post

එක්ස්ප්‍රස් පර්ල් විවාදයට කලින් විපක්ෂනායක පරිසර අධීක්ෂණ කාරක සභාවේදී තියෙන ප්‍රශ්න ඔක්කොම නිලධාරීන්ගෙන් අහයි! නිලධාරීන් මැදට පැන උත්තර දෙන්න ගිහින් විපක්ෂනායකගෙන් හොඳට අහගනී! VIDEO & PHOTOS

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.