• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්…” ! නොදන්න මඟුල් කියවන්නේ නැතුව දන්න සින්දුවක් කියාගෙන ඉන්න සංගීත්…! Sri Lanka Latest News

May 30, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
“කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්…” ! නොදන්න මඟුල් කියවන්නේ නැතුව දන්න සින්දුවක් කියාගෙන ඉන්න සංගීත්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මම එක වතාවකත් මේක මේ විදිහටම ලිව්වා. එක්කො සංගීත්ට ඇති වෙන්න ඕනේ නැත්නම් අපිට ඇති වෙන්න ඕනේ කියලා. මොකද මේ සංගීත් කියන්නේ දක්ෂ ගායකයෙක්. ඔහු ලංකාවේ බොහොම නමක් දිනාගත්තු කෙනෙක්. නමුත් සංගීත්ගේ තියෙන ප්‍රශ්නේ තමයි සංගීත් දිගින් දිගටම දේශපාලනයට මැදිහත් වෙන්න යනවා, දේශපාලනයට උදව් කරන්න යනවා, දේශපාලන කාරණා ගැන කතාකරන්න යනවා.Sri Lanka Latest News

දැන් මේ පාර සංගීත් කියන්නේ බයිලා. අපි සංගීත් බයිලා කියනවා මේ ආසන්න කාලේ තමයි අහන්න ගත්තේ. ඊට කලින් අපි දන්නෙ නෑ සංගීත් කියපු බයිලා ගැන. හැබැයි සංගීත් මේ වෙලාවේ තවත් පුදුම සුන්දර බයිලාවක් කියනවා. ‘හරි ටීවී’ එකේ සාකච්ඡාවට ඇවිල්ලා තමයි සංගීත් මේ බයිලාව කියන්නේ. සංගීත් කියනවා ඩොලර් මිලියනයක් දෙන්න ගියපු කතාව ගැන අහද්දි, ඒක ඊටත් වැඩියි ඩොලර් මිලියන 23ක් මම හිතන්නේ, දෙන්න එයාගේ යාළුවා සහ තව හතර දෙනෙක් ඇවිල්ලා ජනාධිපතිතුමාව හම්බවුණා කියලා. ජනාධිපතිතුමාව හම්බ වුණා, ජනාධිපතිතුමා මුදල් ඇමැතිතුමා ගාවට යොමුකළා කියලා කියනවා. මම හිතන්නේ මුදල් ඇමැතිගේ නම කවුද කියලා ඔහුට මතක නැහැ. සමහර විට ඔහු දන්නේ නෑ මුදල් ඇමැති කියන්නේ ලංකාවේ ජනාධිපතිමයි කියලා. නැත්නම් සමහර විට මේ නියෝජ්‍ය ඇමැති ගැන කියනවද දන්නෙත් නෑ. කොහේ හරි තැනක් පැටලිලා. එක්කො ඔහු දන්නේ නෑ. මොනවා හරි හුටපටයකුත් තියෙනවා. ඒවා එහෙන් මෙහෙන් අල්ලගෙන අපිට ඒවාට පැටලෙන්න අවශ්‍යතාවක් නැහැ.
කොහොම වෙතත් ඔහු කියනවා අයි.එම්.එෆ්. එක මේ සල්ලි දෙනවාට විරුද්ධ වුණා කියලා. ඒ නිසා ඔවුන් මේ වැඩේට සහාය දැක්වුවේ නැහැ කියලා. ඇත්තටම අයි.එම්.එෆ්. එහෙම අකැමැති වෙනවාද කියලා අපි දන්නේ නැහැ. අපි කියන කතාව නම් මෙච්චරයි. එක්කො මේක ඇතිවෙන්න ඕනේ සංගීත්ට. මේ සංගීත්ලා වගේ කලාකරුවෝ අපේ රටේ ඉන්න ඉතාම ගෞරවනීය පිරිසක්. විශේෂයෙන්ම සංගීත් කියලා කියන්නේ හොඳ ගායකයෙක්, හොඳ ශිල්පියෙක්, හොඳ සින්දු ටිකක් කියලා තියෙන කෙනෙක්. ඔහු වෘත්තීය වශයෙන් ගත්තත් හොඳ තරාතිරමක කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්.

ඉතින් ඇයි සංගීත්ලා වගේ අය මෙහෙම කතා කියන්නේ? ඒක නිකම්ම නිකන් විහිළුවක්, නිකම්ම නිකන් ආතල් එකක් විදිහට අරගෙන අතෑරලා දාලා හරියන්නෙත් නැහැ. මේ කතාව ඇතුළේ තියෙන්නේ ඇත්තටම මේ අය හිතනවා මේ රටේ ඉන්න ජනතාව අතිශය මෝඩ, ගොං, මරි මෝට්ටල් පිරිසක් කියලා. මෙන්න මේ මෝඩයන්ව ලේසියෙන් අන්දන්න පුළුවන් කියලා හිතන නිසා තමයි මේගොල්ලෝ මෙවැනි කතා කියන්නේ. මේගොල්ලෝ මේ මිනිස්සුන්ව අන්දලා රවට්ටලා මේ වගේ ප්‍රකාශ කරපුවාම අපේ රටේ මිනිස්සු රැවැටෙනවා. ඇත්තටම කලිනුත් රැවැටුණා. දේශපාලන වේදිකාවේත් කිව්වානේ ඔහුගේ යාළුවෙක් මේ ඩොලර් මිලියනය දෙන්න ලෑස්තියි කියලා. ඒ වෙලාවේත් අපේ රටේ මිනිස්සුන්ගේ බහුතරය රැවැටුණා. පස්සේ තමයි මිනිස්සු අහන්න ගත්තේ කෝ සංගීත් ඒ සල්ලි, මොනවද මේ කියන බොරු, කොහෙන්ද ගෙනාවද නැද්ද අනම් මනම් කියලා. ඊට පස්සේ අපි දැක්කා සංගීත් මේ ගැන කලකිරිලා හිටියා. ඉතාම වේදනාවෙන් ආණ්ඩුවත් එක්ක අමනාපයෙන් හිටිය කාලයක් තිබුණා. ඒක පෞද්ගලික ප්‍රශ්නයක් අපි හිතන්නේ. පෞද්ගලිකව ඔහුට ආදරය නොකිරීම නිසා, ඔහුව ළඟට නොගැනීම නිසා, ඔහුට නොසැලකීම නිසා තමයි ඒ ප්‍රශ්නේ ඇති වෙන්න ඇත්තේ.

ඒ ප්‍රශ්නේ දැන් අහවර වෙලා, දැන් ඒ හිත රිදිල්ල නැතිවෙලා ගිහිල්ලා දැන් ඔහු ආයෙත් සතුටින්. අපි දැක්කා සාකච්ඡාවක් එහෙමත් ලැබුණා ජනාධිපතිතුමා එක්ක. ඉතින් ඊට පස්සේ දැන් ආයෙත් ඔහු මේ පුරුදු බයිලාවම කියන්න පටන් අරන් තියෙනවා. දැන් ආයෙත් මිනිස්සු ඔහුගේ මේ ගොන් කතාවලට රැවැටෙන්න පටන් අරන් තියෙනවා.
අපි විශ්වාස කරනවා රටේ කලාකරුවෝ වුණාම ඔවුන් රටට ආදරය කරන්න ඕනේ. ඒ වගේම ඔවුන් මහජනතාවට ආදරය කරන්න ඕනේ. ඔවුන් හැබෑ කලාකරුවෝ වෙන්නේ ජනතාවගේ හදවතේ රිද්මය හඳුනා ගත්තොත් විතරයි. එහෙම නැතිව ජනතාව රවට්ටමින් ඔවුන්ව කඩේ යවමින් නොමග යවමින් මෝඩ කතා කියමින් මේ කලාකරුවන් කියන පිරිස දිගින් දිගටම වැඩ කරනවා නම් ඒකෙන් රටට වෙන්නේ විශාල හානියක්.

අපි මේ වෙලාවේ ආණ්ඩුව හරිද වැරදිද කියන එක ගැන කතා කරනවාට වඩා මේ වෙලාවේ අපි විශ්වාස කරනවා කලාකරුවන්ට වගකීමක් තියෙනවා මේ යන ක්‍රමය වැරදි නම් ඊට එරෙහි වෙන්න. ඕනෑම වෙලාවක ඒක එහෙම තමයි. දැන් මාලිමාවේ ආණ්ඩුව බලයට ගේන්න කලාකරුවෝ මූලික වුණා, ඔවුන් ආණ්ඩුව ඉදිරියට ගෙනාවා. ඒක හොඳයි. ඒකට හේතුව රට යන ක්‍රමය වැරදි නම් රට යන ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක ඕනෑම කණ්ඩායමකට අවශ්‍යතාවක් තියෙන වෙලාවකදී ඉදිරියට යාමේ, එළියට පැමිණීමේ, දේශපාලන වශයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාවක් තියෙනවා.

නමුත් අවාසනාවකට මේගොල්ලෝ මේ මොහොතේ වාසිය ගන්න, පිට්ටනියේ වීරයා වෙන්න, නැත්නම් සීන් එකේ පොර වෙන්න තමන්ගේ තියෙන ප්‍රසිද්ධිය, තමන්ගේ තියෙන හැකියාව, තමන්ට රටේ හැදිලා තියෙන නම පාවිච්චි කරනවා නම් සහ හුදෙක්ම ජනතාව මෝඩයෝ යැයි සලකා ඔවුන් ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීම ඉතා බරපතළ ප්‍රශ්නයක්.

ඒ නිසා සංගීත් ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ මේක එක්කෝ ඔයාට ඇතිවෙන්න ඕනේ. එක්කෝ අපිට ඇතිවෙන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ ගොන් කතා කියලා ජනතාව නොමග යවලා ගොන් ආතල් ගන්න එක නවත්තන්න. මොකද මේ රටේ මිනිස්සු මොළේ තියෙන මිනිස්සු. මේ රටේ මිනිස්සු වරක් දෙවරක් ඇන්දට හැමදාම අඳින්නේ නැහැ. හැමදාම ගොනාට අන්දන්න බෑ, හැමදාම මෝඩයා කරන්න බෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මැතිනියත් බොරු කිව්වා… ජේ.ආරුත් බොරු කිව්වා…! ආයෙමත් රැවැටෙන්න එපා…! වේදිකාවේ මයික් පලන බොරුකාරයන් දැන් ටක් ගාලා දැනගන්න පුළුවන්…! Sri Lanka Latest News

Next Post

ලංකා-රුසියා අලුත් ආදරයට ඇමෙරිකාව-ඉන්දියාව ඇකුල් හෙළයිද? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.