• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්ස්ප්‍රස් පර්ල් පසුපස මහා කුමන්ත්‍රණයක්! අධිකරණ ඇමැති නඩුවට අවාසි වෙනවා කියා විවාදය නවත්වන්න හදද්දී සජිත් විවාදයේදී නඩුවට වාසි වෙන කරුණු රැසක් එකින් එක පෙළගස්වා කියයි! VIDEO

May 10, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළින් දැවැන්ත රසායන ද්‍රව්‍ය අප සමුද්‍රීය පරිසයට එකතු වීම නිසා විශාල පරිසර හානියක් පරිසරයට සහ ධීවරයන්ට සිදු වූ බවත් මෙයට පෙර නිව් ඩයමන්ඩ් ඛේදවාචකයක් සිදු වූ බවත් මීට මාස කිහිපයට පෙර සිදුවූ ඛේදවාචකයෙන් පසු සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර නිවැරදිව ගත්තා ද කියා සැකයක් ඇති බවත් මේ සිදුවීම් දිහා බලන විට කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ රටවල් හරිත ආර්ථික හා නීල ආර්ථික ගැන කතා කළත් අප රට තුළ එය වචනයට පමණක් සීමා වී ඇති බවත් එය ඇමතිකම් බෙදා දීමෙන් වඩාත් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය. එදා ගෝඨාභය සිදු කළා සේ කිසිදු වෙනසක් නැතිව වත්මන් ජනාධිපතිවරයා ද කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ නිව් ඩයමන්ඩ් සිදුවීමෙන් පසු රජය විසින් අනාගතය වෙත ගනු ලැබූ තීරණය කවරේද කියා අසන බවත් පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාළව අද (10) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මහජන නියෝජිතයකු ලෙස කිසිදු කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීම අවශ්‍ය නොවුවත් නැවතත් මෙවැනි දෙයකින් රට ආරක්ෂා කිරීමේ පැහැදිලි අරමුණක් තමාට ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසීය. මේ ආණ්ඩුව නිව් ඩයමන්ඩ් ඛේදවාචකයෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් ද පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත් මේ අවිධිමත් ගමන නිසා රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් සුහුරු ආණ්ඩුවක් කියා තැන තැන කිව්වත් එය මේ වන විට කටවචනයට පවා සීමා වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාන්දුවක් තිබූ බවට මුල දී අනාවරණය වුවත් එය මෙරට සමුද්‍රීය පද්ධතියට ඇතුළත් වීමට අවසර දුන් පාර්ශ්ව කවුදැයි අනාවරණය කළ යුතු බවත් ලෝකයේ ගුණාත්මක අතින් ඉහළ වරායක් අපිට තිබුණත් මේ අනතුර සිදුවන අවස්ථාවේ එය වැළැක්වීමට අවශ්‍ය උපකරණ නොතිබූ බවත් මේ රජය උත්සාහ කළේ නැව ගලවා ගැනීමට මිස පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ මේ විවාදය නතර කිරීමට විශාල කුමන්ත්‍රණයක් සිදුවූ බවත් තමා කතා කරන්නේ නැව් පාර්ශ්වය නියෝජනය කරමින් නොව රටේ ජනතාව සහ පරිසර පද්ධතිය නියෝජනය කරමින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සම්පූර්ණ කතාව

අද දින සමගි ජන බලවේග සමගි ජන සන්ධාන විපක්ෂය මඟින් ඉදිරිපත් කර තිබෙන සභාව කල් දැමීමේ යෝජනාව සාකච්ඡා කරන්නේ මහජන නියෝජිතයකු ලෙස, පරිසරවේදියෙකු ලෙස, සත්‍ය ගවේෂකයකු ලෙස හා හරිත පක්ෂයක නායකයකු ලෙසයි. මෙහි දී මා කිසිදු අයකුගේ චරිත ඝාතනයකින් තොරව පැහැදිලි අවබෝධයක් ලබා ගෙන රටක් ලෙස හෝ ඉදිරියේ දි පැහැදිලි ගමනක් යාමයි මාගේ අරමුණ.

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය තුළ මොකද්ද සිදු වුණේ? වායු දූෂණය, සමුද්‍රීය පරිසරය දූෂණය, නයිට්‍රික් ඇසිඩ් කෝස්ටික් සෝඩා මෙතනෝල් ආදී අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වුණා. මේ තුළ දැවැන්ත විනාශයක් වුණා අපේ සමුද්‍රීය පරිසරයට සහ සමස්ත පරිසරයට ධීවරයන්ට, ජීවනෝපායට ජෛව විවිධත්වයට හානි වුණා.

මීට පෙර දැවැන්ත ඛේචවාචකයක් වුණා. ඒ නිව් ඩයමන්ඩ් එක. ඒක වුණේ 2020 සැප්තැම්බර් මාසයේ. එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය වුනේ 2021 මැයි මාසේ. මාස කිහිපයට පෙර සිදුවූ ඛේදවාචකය තුළ සමුද්‍රිය පරිසරය සුරක්ෂා කිරීමට ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගත්තාද? ඒවා ක්‍රියාත්මක කළා ද? අදත් අපි දුටුවා මේ විවාදය පටන් ගත්තේ පැය ගණනක් ප්‍රමාද වෙලා. මං එය පිටුපස සිටින කුමන්ත්‍රණයත් හෙළිදරව් කරන්නම්.

ලෝකයේ බොහෝ රටවල් පරිසර කේන්ද්‍රීය සැලසුම්, හරිත රාජ්‍ය, හරිත ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කරනවා. ඒත් අපි හරිත ආර්ථිකය හරිත රාජ්‍ය කියන්නේ වචනයක් විතරයි. අපේ රටේ පරිසරයට දීලා තිබෙන්නේ නාමික තැනක්. ඇමතිකම් බෙදා දීමෙන් එය වඩාත් පැහැදිලියි. එක් අයෙක් පරිසර ඇමති. තව නෙකේ වනජීවී ඇමති. සමුද්‍රීය පරිසර අධිකාරිය තියන්නේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ. එදා ගෝඨා කළ විදිහට අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනවා. කිසිම විද්‍යාත්මක බවක් නැහැ.

නිව් ඩයමන්ඩ් සිදුවීමෙන් පසු අනාගතයේ දී මෙරට සමුද්‍රීය පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් පියවර මොනවාද? මොනවද උගත් පාඩම්, ක්‍රමෝපාය වෙනසක්ම් මොනවාද? එතනින් පසු ඇගයීමක් කළේ නැද්ද? අපිට වැරදුන තැන ගැන හෙව්වද? මේ ගැන ප්‍රශ්න තිබෙනවා.

දැන් කිසිප දෙනෙක් එක්සෝන් වැල්ඩීස් ගැන ඉදිරිපත් කලා. මේ ගැන පමණක් නොව ටෝරි කැනියන් ඛේදවාචකය ඇතුළු ලෝකයේ සිදුවූ ඛේචවාචක ගැන කියවා බැලුවා නම් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් රටට ලබා ගත හැකි උපරිම වන්දිය ගන්න පුළුවන් වාසිදායක ක්‍රමවේදය හොයා ගන්න තිබුනා. නමුත් මේ රජයේ ක්‍රියාකලාපය දෙස බැලුවම ඛේදනීයයි සෝචනීයයි. අනුගමනය කර තිබෙන්නේ වැරදි ක්‍රමයක්.

මේ ආණ්ඩුව නිව් ඩයමන්ඩ් ඛේදවාචකයෙන්වත් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකායෙන් වත් පාඩම් ඉගෙන ගත්තේ නැ. අවිධිමත් ප්‍රතිපාදන නැති දැනුම නැති තාක්ෂණය නැති ගමනක් තමයි ගියේ. ඒ වුනාට කියන්නේ සුහුරු ආණ්ඩුවක් සුහුරු රජයක් ලු. සුහුරු කියන්නෙත් වචනයක් විතරයි දැන්. ගෝඨාභය ජනාධිපතිවරයාත් එහෙමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එහෙමයි. මේ ගැන කතාව විතරයි ක්‍රියාව නැහැ.

අපි හැමෝම දන්නවා මේ කාන්දුවක් සිදුවෙනවා කියලා ජාත්‍යන්තර වරාය 2ක් ප්‍රතික්ෂේප කළ නැව අපේ රටට ආවේ කොහොමද? කවුද ඒක කළ දේශදේ‍රා්හියා. පහුගිය කාලයේ දේශප්‍රේමී ජනතවාදී රටට ආදරය කරනවා කියලා. ඒ නිසා දැන් කියන්න කවුද මේක අපේ රටේ කලාපයට ගෙනාවේ. කවුද? අපිට දැනගන්න ඕන. මේ විවාදය නතර කරන්න හැදුවා අධිකරණ කටයුතුවලට බලපෑම් වෙයි කියලා. නැ එහෙම වෙන්නේ නැ.

ලෝකයේ ශ්‍රේණිගත කිරිම් අතර අපේ වරාය ඉහළ තැනක තිබුණත් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය වෙනකොට ප්‍රමාණවත් කාබන්ඩයොක්සයිඩ් තිබුණද? නොතිබුණා නම් කාගෙද ඒ වගකීම? මේ රජය ප්‍රමුඛතාව දුන්නේ පරිසර සංරක්ෂණයට නොවේ. නැව ගලවා ගන්න.

කවුද මේ හානියට පත් නැවේ යම් යම් අවස්ථාවල කොටස් ආපහු රැගෙන යන්න අවසර දුන්නේ කවුද? කවුද කිව්වේ මෙහෙම ගෙනියන්න පුලුවන් කියලා. කවුද ඒකට වගකියන්නේ. ඒ රක්ෂණ සමාගම විසින් ඉදිරිපත් කළ කොන්දේසි මීපා එක දන්නෙත් නැ. මිපා එකේවත් නෑ. ඇයි මීපාඑකට ඒ සදහා අවසර නොදුන්නේ. මේ කරුණු මොනවාද? කොන්දේසි මොනවාද? අවම වශයෙන් අධීක්ෂණ කාරක සභාවටවත් දීලා නැ ඒක. මම කියන්නේ මෙම රටට වාසි දෙයක්. මම කතා කරන්නේ නැව් කාරයාගෙන් පැත්තෙන් නොවේ රටේ ජනතාව ගැන හිතලා. මේකයි නතර කරන්න හැදුවේ. අපි හැමෝගේම කතා නතර කරන්න හැදුවේ මේ අය. මේ කොන්දේසි ගැන මීපා එකෙන් හැංගුවෙ කවුද?

විශේඥයන් 42කින් යුත් කණ්ඩායමක් හානි තක්සේරු කළා ඩොලර් බිලියන 6.4ක්. මේ හානි තක්සේරුව කරනකොට නැව් අයිතිකාරයෝ නිතියක් දැම්මා නැව වටේට මීටර් 500ක සීමාවට ඇතුල් වෙන්න බෑ කියලා. ඇතුල් වෙන්න දුන්නා නම් අපේ අයට මේ මුදල මීට වඩා වැඩි වෙනවා. මෙතන කුමන්ත්‍රණයක් තිබෙනවා. කාගේ බලය අතට අරගෙන ද එයාට ඕන ඕන විදිහට නැව් අයිතිකාරයා කටයුතු කළේ. මේ දේශසීමාව අපේ. කාටවත් එහෙම සීමා දාන්න බැ. මේ අදිසි හස්තය අනාවරණය කරන්න.

ඒ වගේම අයි. ටී. ඕ. පී. එෆ් එකෙන් තාක්ෂණික උපදෙස් ගත්තා. ආංශික අධීක්ෂණ කාරක සභාවට කිව්වේ එයාලා කිව්ව විදිහටලු කලේ. නැව් කාරයෝ ඉන්න නැව් කාරයොන්ගේ සල්ලිවලින් පෝෂණය වන සංවිධානයකින් තාක්ෂණික උපදෙස් ගත්තේ මොලයක් ඇතුවද?

ඒ වගේම නඩු පැවරීමේ කටයුත්තට සමාගම් හොයපු ආකාරය ගැන කිව්වා. ඇමතිවරයා ප්‍රසම්පාදන යොදා ගත්තා කියලා හිතනවා. එතුමාගේ වචනය බාර ගන්නවා මම. එතුමා හරි දේ කලා කියලා හිතනවා. හැබැයි මම එක දේකට එකග නැහැ. සමුද්‍රීය පරිසර ඛේදවාචක ගැන අපිට දැනුම නැ කියන එකම බොරුවක්. රටේ ජනතාව රැවටීමක් එක. අපිට ඒ හැකියාව තිබෙනවා. අපිට සම්පත් ඉන්නවා. අපේ රටේ විශේෂඥයෝ සහ විදෙස් විශේෂඥයෝ සම්බන්ධ කරන්න තිබුණා. ඒත් එහෙම කලේ නැහැ.

මේක පරිසරය සම්බන්ධ දෙයක් වුනත් උත්තර දෙන්නේ අධිකරණ ඇමති. පරිසර ඇමති ගැවිලාවක් නැහැ. මීපා එකත් තියෙන්නේ යූඩීඒ යටතේ. අලි සබ්‍රි ඇමතිතුමා කිව්වා විශේෂඥයොන්ට තැන දෙන්නලු. එයාලගෙන් අහලලු මේක කලේ. ඒ වුනාට 2019 ජනාධිපතිවරයෙන් පසු ලක්ෂ 220ම පෙති ගිලල තමයි රටට මෙහෙම වුණේ. ඒ පෙති දුන්න අයම කියනවා දැන් ආයෝ මේ වගේ කතා. රජය දෙන මේ බෙහෙත් තුන්ඩු ගැන නම් අපිට සැකයි. ඔවුන්ගෙන් පෙත්ත ගිලලා රටම නන්නත්තාර වුණා. අපිට අයිතියක් තිබෙනවා ප්‍රශ්න කරන්න.

මෙම කිව්ව දේවල් නඩුවට නරකට බලපානවාද කියලා කියන්න. මම දන්න තරමින් මේ කරුණු නිසා වන්දි මුදල වැඩි වෙනවා විතරයි වෙන්නේ.

දැන් මේ අය කිව්ව දෙයක් තමයි ඇමෙරිකාවේ සුබේරි කියන මිනිහට මේ රටේ ජනතාවගේ බඩු සල්ලිවලින් ඩොලර් ගෙව්වා රටේ ප්‍රතිරුපේ හදන්න. අන්න සුබේරි ඇමෙරිකාවේ හිර ගේක ඉන්නවා. මහලොකුවට දේශීයත්වය ගැන කතා කල අය රටේ විශේෂඥයෝ විශ්වාස නැති වුනාට අපිට විශ්වාසයි.

මේ නඩුව පවරන්න පුලුවන් හොදම රට මොකද්ද? මේ ගැන රටට නොකියන දෙයක් තිබෙනවා. අපේ රට සමුද්‍රිය පද්ධතියේ මහා විනාශයක් වුනාම ඒකට වන්දි ඉල්ලීමේ සීමා පනවන සම්මුතියක් තිබෙනවා. ඒකට අපි අත්සන් කරලා නැති. සිංගප්පූරුව අත්සන් කරලා. මේ නඩුව පවරන්නේ එවැනි රටක. මේකට අයින්ස්ටයින් සොක්‍රටීස් වෙන්න ඕන නෑ. ජාත්‍යන්තරව සමුද්‍රිය වන්දී සීමා පනවන රටක නඩුව දාන එක අපිට වාසි ද කියලා ඔබම හිතන්න. පෙර පාසල් දරුවාට වුවත් මේක තේරෙනවා.

මේ නැව් සමාගම එක්සත් රාජධානියේ නඩුවක් දාලා මේ වන්දිය සීමා කරන්න. ඩොලර් මිලියන 26කට 27කට වන්දිය සීමා කරන්න හදනවා. එහෙම තත්ත්වයක් තිබිය දී හැමෝටම තේරෙනවා නැව් සමාගම කරන දේ. මේ නැව් සමාගම එන්නේ ධීවරයන්ට පොඩි මුදලක් දීලා ඉතුරු ටික සොච්චමක් දීලා ෂේප් වෙන්න. අපි විරුද්ධ මේකට. අපිට ඕන නැව් සමාගම කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාව පරාජය කරලා ඩොලර් බිලියන 6.4 වැඩි කර ගන්න එක.

අපි සෛරී රටක් කිව්වට නැව් සමාගම සීමා දානවා නැවට. එතනින් පිටත සිට තමයි ඩොලර් බිලියන 6.4ක වන්දියක් තීරණය කලේ. හරියට පරීක්ෂණය කලා නම් මේ වන්දි මුදල වැඩි වෙනවා. මේ බිලියන 6.4 කියන්නේ අයි. එම්. එෆ් එකේ කාර්තු 8කින් ලැබෙන මුදල වන ඩොලර් බිලියන 2.9ක ණයටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ කියන විදිහට 6.4ක් වුනත් අපි 225ම මේකට එකට කෑ ගැහුව නම් ඔවුන් වරදක් කලා කියලා කිව්වා නම් මේ වන්දි මුදල වැඩි කර ගන්න තිබුණා. අපි සටන් කළ යුතු යි.

ඒ වගේම මේ නැව් සමාගමේ දේශීය නියෝජිතයාගේ ඊමේල් මැකිලලු. මේක ගැටලුවක්. මේ ගැන ඊයේ ආංශික කාරක සභාවේ ප්‍රශ්න කලාම ඔවුන් කොටස් 4ක් යටතේ මෙය විග්‍රහ කරනවා කිව්වා. ගිනි ගැනීම නැව ගිලීම පශ්චාත් නැව ඉවත් කිරිම වැනි කොටස් තිබෙනවා. ඒත් හරියට කල යුතු පරීක්ෂණ කරන්න අවස්ථාව දීලා නැහැ. අපිට ඕන වුනේ මේ කරුනු ඉදිරිපත් කරලා බිලියන 6.4 වැඩි කර ගත යුතු යි. නඩුවට කිසිම අගතියක් නැහැ. නැව් අයිතිකරුගේ නින්දිත නිවට ක්‍රියාදාමයක් නිසා අපිට හිමිවිය යුතු සම්පත් අහිමි වෙනවා.

මේ ගැන ප්‍රධාන නිගමන කිහිපයක් මම කියන්නම්. කැමතිනම් පිලිගන්න. කැමතිනම් සුපුරුදු ක්‍රියාවෙන් විහිලුවට ලක් කරන්න. කමක් නැහැ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මීපා, වන සංරක්ෂණ, වන ජිවි, පරිසර වැනි ආයතන එක තැනක තිබිය යුතු යි. ඒ වගේම මෙවැන දෙයක් වෙන කොට ජනාධිපති කාර්ය සාධන බලකායක් හැදිය යුතු යි. ඒ ජනාධිපතිගෙන් වුනෙත් නැ මේ ජනාධිපතිගෙන් වුනෙත් නැහැ.

ඒ වගේම අපි හිටපු අධිකරණ ඇමතිතුමා කිව්වා විශේෂඥ කමිටු 5ක් පත් කලා කියලා. 1 වැනි සාකච්ඡාවට මාත් කැදෙව්වත් ආයෙය් කැදෙව්වේ නැ. එදා කියපු දේවල් තමයි මම අදත් මේ කියන්නේ. ජනාධිපති කාර්ය සාධන බලකායක් හිතන් නැතිවු හිටපු ජනාධිපතිවරයා කලේ ජාතික සමගිය බිදින කාර්ය සාධන බලකා ඇති කරන එක.

ජාතික පරිසර සංරක්ෂණ වැඩපිලිවෙලක් අපිට නැහැ. එක්සත් ජාතින්ගේ වාර්තාවකින් පවා මෙය කියනවා. අපිට සමුද්‍රීය ව්‍යසනයක් සිදු වුනොත් කරන්න දෙයක් නැහැ. ඇත්ත කතා කරනවා නම් නිර්ව්‍යාජ නිවැරදි නීති ක්‍රියාමාර්ගයකට යා යුතු යි. අපි රාජ්‍ය නිලධාරින් හොරු කියන්නේ නැහැ. නිතිපති දෙපාර්තමේන්තුව ඇතළු හැම දෙපාර්තමේන්තුවක්ම රට වෙනුවෙන් හරි විදිහට කරයි කියලා හිතනවා.

රට බංකොලොත් කරලා එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයකුත් ඇති කරලා ඒක අපිට වන්දි පැත්තෙන් රිදී රේඛාවක් කරන්න පුලුවන් මොහොතක අපි මේ ගන්න ක්‍රියාමාරග තුලින් ගොඩ එමට හැකිය කියා අහනවා. ධීවරයන් විනාශ වුනා. අරුම පුදුම කතා කියනවා . පොඩි සීමාවක්ලු විනාශ වුනේ. වෙන්නප්පුව හලාවත ධීවරයොන්ට මුදල් ලැබුනේ නැහැ.

ධීවරයෝ අපිට විශාල දායකත්වයක් සපයනවා. රටේ හැම පැත්තකටම ධීවරයෝ දායක වුනා. සංචාරක ක්ෂේත්‍රයට සිදු වූ හානිය තක්සේරු කරලත් නැ. මාර ස්මාට් රටක් මේක

රජයේ මේ දුර්වල ප්‍රතිපත්තිය සගවන්න විවිධ දේවල් කියනවා. නාලක ගොඩහේවා මැතිතුමා සම්බන්ධ කර ගෙන ව්‍යාජ කතා හදනවා. ඔහු මේකට මුල් වුණ තීන්දු තිරණ ගැනිමේ ක්‍රියාදාමය තුළ ඔහු කඩකල වගකීම මොනවාද? ව්‍යාජ කතා කිය කිය රට රවට්ටනවා. ඒ නිසා ව්‍යාජ කතා නොකියා නිවැරදි විනිවිදභාවයෙන් යුත් වැඩපිලිවෙලකට යන්න.

SendShareShare
Previous Post

පියත් නිකේෂලට ගහලා තියෙන්නේ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න! ගහපු බව චන්දික පිළිගනී! VIDEO & PHOTO

Next Post

විජයදාස උසාවි කතා කියා එක්ස්ප්‍රස් පර්ල් විවාදය නවත්වන්න හදද්දී විපක්ෂයනායකයි විපක්ෂයයි පක්ෂ නායක රැස්වීමේදී මහා සටනකින් පසු විවාදය යළි දිනාගත් හැටි මෙන්න! EXCLUSIVE

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් පසුගියදා එම ප්‍රදේශයේදී පැවැත්වුණා.Sri Lanka Latest News https://youtu.be/MY66EnEeV9Q?si=ld4u2QtbXKDiJ0x0

Read more
ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.