දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිතතාවය උග‍්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.
ජනගහනයෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින අතර හදිසි ආධාර ප‍්‍රමාදවුවහොත් ආහාර අනාරක්‍ෂිතතාවය තවදුරටත් උග‍්‍ර වනු ඇත.
ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත් බවත් ප‍්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරැරුම් විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් අද ප‍්‍රකාශ කරන ලදි.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක විම හේතුවෙන් ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටුනු අතර, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩු විය.
විශේෂයෙන්ම මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින පවුල් වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත‍්‍රණ ද ඇතුළුව හදිසි ආහාර ආධාර සහ ජීවනෝපාය වැඩ සටහන් වහාම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි වාර්තාව සඳහන් කරයි. ප‍්‍රධාන ආහාර වර්ග වල විශේෂයෙන්ම වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා අධාර ලබා දීමක් සිදු නොවුන හොත් 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය තවදුරටක් පිරිහෙනු ඇතැයි අපේක්‍ෂා කරනු ලැබේ.
“ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තවදුරටත් පිරිහීම වැලැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථාතත්වයට පත් කිරීමට සහාය විම පිණිස, කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප‍්‍රමුඛතාවයක් ලෙස සිදුකළ යුතු වන්නේය,” යනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා පැවසීය.
“ජනගහනයෙන් 30%ක් පමණ කෘෂිකර්මාන්තයෙන් යැපෙන බැවින් ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් අවසානයේදී කෘෂිකර්මාන්තයෙන් යැපීමේ හැකියාව ඉහළ නංවනු ඇති අතර, එමගින් විදේශ මුදල් සංචිතයන්ගේ හිගය නිසා ආහාර අවශ්‍යතා ආනයනය කිරීම අඩු කිරීමටත් කුසගින්න වැඩිවීම වලක්වා ගැනීමටත් හැකි වනු ඇත.” යනුවෙන්ද ඔහු පැවසීය.
“මාස ගණනාවක් තිස්සේ කඩාවැටෙමින් පවතික ආර්ථික ආර්බුදය හමුවේ බොහෝ පවුල් වලට විකල්ප නැති වෙමින් පවතී. ඔවුන් අසරණව වෙහෙසට පත්ව ඇත. පවුල් 60%කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රමාණාත්මකව ආහාර නොගන්නා අතර ඔවුන් මිල අඩු සහ පෝෂ්‍යදායී නොවන ආහාර අනුභව කරති. මෙම මුල්‍ය බාධාවන් හේතුවෙන් පාසල් ආහාර වැඩසටහන් සහ මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙන පෝෂණ වැඩසටහන් අඩු පරිමාණයකින් සිදු කිරීමට යම් අවස්ථාවකදී රජයට සිදුවනු ඇත. ලෝක ආහාර වැඩපිළිවෙලහි ප‍්‍රමුඛතාවය වන්නේ අවදානමට ලක්ව ඇති ප‍්‍රජාවගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැලැක්වීම සඳහා ක්‍ෂණික ආහාර සහ පෝෂණ ආධාර ලබා දීමය,” යනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙලහි නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා පැවසීය.
රජයේ ඉල්ලීමට අනුව, 2022 ජූනි සහ ජූලි මාස අතර තුරදී දිවයිනේ දිස්ති‍්‍රක්ක 25 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් ක‍්‍රියාවලියක් සිදු කරන ලදී. මෙහිදී විශේෂයෙන්ම ප‍්‍රධාන ධාන්‍ය වර්ග ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම් විශ්ලේෂණය කිරීම මෙන්ම ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තක්සේරු කිරීමටද කටයුතු කරන ලදී.
අස්වනු සැලකිය යුතු ලෙස පහත වැටීම.
ශ්‍රී ලංකාව මුහුණ දෙන උග‍්‍ර සාර්ව ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, කෘෂිකාර්මික යෙදවුම්, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය නිෂ්පාදන වල උග‍්‍ර හිඟය සහ අධික ලෙස මිල ඉහළ යාම, යම් ආර්ථික දැඩි ලෙස අවධානමට ලක්කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි විශාල ලෙස බාධා පමුණුවා ඇත.
ප‍්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය 2022 දී මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2017 දී නිය`ගය නිසා ඇතිවූ බලපෑම හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා ගැනීමෙන් පසු වාර්තාවන අඩුම අස්වැන්න වනු ඇත. මෙම තත්වයට හේතු වී ඇත්තේ පොහොර යෙදීම අඩුවීම බව වාර්තාව අනාවරණය කරයි.
සත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර පහක සාමාන්‍යයට වඩා 40%කින් අඩුවී ඇති අතර එය කුකුළු මස්, බිත්තර සහ අනෙකුත් පශු නිෂ්පාදන කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. එමෙන්ම, එළවළු, පලතුරු, තේ, පොල්, රබර් සහ කුළු බඩු වැනි අපනයන බෝග නිෂ්පාදනයද සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු පට්ටමක පැවතීම පවුල් වල ආදායමේ සහ අපනයන ආදායමේ සැලකියයුතු අඩුවීමක් ඇති කිරීමට හේතු වී තිබේ.
බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට ක‍්‍රමිකව ඉහළ යමින් තිබෙන අතර 2022 අගෝස්තු මාසයේදී වාර්තාගත ඉහළ මිල මට්ටම් කරා ළඟා වූ අතර, ආහාර උද්ධමනය වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇත.
2022 වසරේ මුළු ධාන්‍ය ආනයන අවශ්‍යතාවය මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 2.2 ලෙස ගණන් බලා ඇත. 2022 පළමු මාස හය ඇතුලත ධාන්‍ය මෙට්ටි‍්‍රක් ටොන් 930,000 කට වැඩි ප‍්‍රමාණයක් ආනයනය කර ඇත. ආනයනික අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා තවත් මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 1.27ක් ආනයනය කළ යුතුව ඇත. පවතින සාර්ව ආර්ථික අභියෝග ශමුවේ ඉතිරි ආනයන අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් පවතින්නේය.
මෙහෙයුම් නිර්දේශ
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙලහි ඒකාබද්ධ මෙහෙයුමෙහි ප‍්‍රධාන නිර්දේශ වන්නේ ගැබිණි සහ මව් කිරි ලබා දෙන මව්වරුන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ක්‍ෂණික ද්‍රව්‍යමය සහ/හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයීමයි. කුඩා ඉඩම් හිමියන් කෙරෙහි අවධානය යොමු කරමින් පොහොර ඇතුළු කෘෂි යෙදවුම් කඩිනමින් ලබා දීමටද වාර්තාව නිර්දේශ කරයි. ආහාර බෝග ඵලදායක ලෙස වගා කිරීම, අස්වනු නෙලීම, සැකසීම සහ ප‍්‍රවාහනය සහතික කිරීම සඳහා ප‍්‍රමාණවත් ඉන්ධන ප‍්‍රමාණයක් ලබා දෙන අතරම, ඔවුන්ගේ පෝෂණ තත්වයන් ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව ස්ථාපිත කිරීමට සහාය වීමේ අවශ්‍යතාවය ද වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ආහාර හිඟයේ බලපෑම අවම කිරීම සඳහා පශූ සම්පත් හිමිකරුවන්ට, විශේෂයෙන්ම එළකිරි, කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය සිදු කරන්නන්ට ඉහළ පෝෂණ තත්වයෙන් යුතු සත්ව ආහාර, එන්නත් සහ පශූ සෞඛ්‍ය කට්ටල සහන මිලට ලබා දීමට ද වාර්තාව යෝජනා කරයි. අරමුදල් හිඟකමින් නැවතී ඇති පාසල් ආහාර වැඩසටහන වැනි ජාතික පෝෂණ වැඩසටහන් නැවත ආරම්භ කිමට සහ අඛන්ඩව පවත්වා ගෙන යාමට සහාය දැක්වීමද ප‍්‍රමුඛතාවයක් ලෙස ඉස්මතු කර දක්වා ඇත.










