අද පෙරවරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී නියෝජ්‍ය කතානායක ධූරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇත.
එහිදී විපක්ෂයෙන් ඊට එක්වූ නියෝජිතයන් අද දිනයේදී නියෝජ්‍ය කතානායකවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව කියද්දී කතානායකවරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා තවමත් හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ ඉල්ලා අස්වීම පිළිගත් බවක් පාර්ලිමේන්තුවට දැනුම් දී නොමැති බවකි.
නමුත් ඊට විපක්ෂයේ නියෝජිතයන් විරෝධය පළ කරද්දී කතානායකවරයා පෙන්වා දී ඇත්තේ එසේ නම් අද සවස් වන තෙක් ජනාධිපතිවරයාට කල් ලබා දිය යුතු බවකි.
ඒ අනුව අද සවස වනවිට ජනාධිපතිවරයා නියෝජ්‍ය කතානායවරයා සම්බන්ධයෙන් සිය තීන්දුව එවුවද නැතද නව නියෝ්‍ජ්‍ය කතානායකවරයකු හෙට දිනයේදී පාර්ලිමේන්තුවෙන් පත්කර ගැනීමට පක්ෂ නායකවරුන් තීරණය කොට ඇත.










