යාපනයේ දිස්ත්‍රික් ඉලංගෙයි තමිල් අරුෂු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන්ට එරෙහිව නීති විරෝධී වත්කම් ඒකකයට සිවිල් බුද්ධි පෙරමුණ පැමිණිල්ලක් සිදුකලා. Sri Lanka Latest News
ඒ ඔහු දේශපාලන බලය පාවිච්චි කරමින් විශාල අයථා වත්කම් තොගයක් උපයා ඇති බවට චෝදනා කරමින්.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහාවත්ත පෙන්වා දුන්නේ 2010දී විදුහල්පතිවරයෙක් ලෙස දේශපාලනයට පිවිසි ශ්‍රීදරන් මේ වනවිට දැවැන්ත ධනපතියෙක් වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. ශ්‍රීදරන්ගේ බිරිඳට සහ දියණියගේ නමටද විශාල දේපළ ප්‍රමාණයක් ඇති බවයි සිවිල් බුද්ධි පෙරමුණ පෙන්වා දුන්නේ.










