විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. Sri Lanka Latest News
අත්අඩංගුවට පත් තිසර නානායක්කාරගේ බැංකු ගිනුමේ රුපියල් කෝටි 27 ක මුදලක් පවතින බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග වාර්තා කරයි.
එමෙන්ම තිසර නානායක්කාර, හිටපු අමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන සමයේ දී ඔහුගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ වී කටයුතු කළ බවද පැවසේ.
මේ තත්ත්වය මත, හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ද වහාම විමර්ශනයක් සිදු කළ යුතු බවට වන පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන කාමන්ත තුෂාර යන අයයි.
මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා මේ වන විට විදෙස්ගතව ඇති බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවද කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පවසයි.










