මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයකට යටවීමෙන් එම පාසලේ හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
අද (12) උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස යෑමෙන් අනතුරුව වාහනයේ තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය එක්වරම ක්‍රියාත්මක වී ඇත.
එහිදී පාසලේ වතුර පානය කරමින් සිටි, පාසල් දරුවන් දෙදෙනෙකු වාහනයට යටවී ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් වාහනයේ හිමිකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, තමා වාහනය නවතා ඉන් බැසයෑමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවය.










