සිමෙන්ති ප්‍රවාහනය කළ රථයක් ගලේවෙල නගරයේ දී පෙරළීමෙන් අද (21) අලුයම 6ට පමණ මාර්ගය හරහා පෙරලීමෙන් අනතුරක් සිදුවී තිබේ.
රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර දඹුල්ල -කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරයේ දී මෙම අනතුර සිදුවිය.
රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවැසුවේ.
මෙලෙස අනතුරට ලක්වුණේ ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට සිමෙන්ති ප්‍රවාහනය කළ රථයකි.










