සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි. (Sri Lanka Latest News)
මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 35 දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලීසිය පැවසීය.
රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව බසය මාර්ගයෙන් ඉවතට පැන යළි මාර්ගයටම විසි වී පෙරැලී යාමෙන් අනතුර සිදුව ඇතැයි කියති.
lankadeepa










