ජීවිතාන්තය තෙක් සිරදඬුවමට ලක්විය හැකි වරදකට ප්‍රමාණවත් තරම් හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) සවස සිදුකළ විශේෂ මෙහෙයුමක් අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුව පොලිස් වසමේ ගාන්දිඌර්, පුලෝලී, හම්බසිට්ටි ප්‍රදේශයේ ජීවත් වූ දැරියකි.
එහිදී ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 500ක් හමුවී තිබේ. දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම දැරිය අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය විශේෂ කාර්ය බළකා කඳවුර විසින් කළ විශේෂ මෙහෙයුමක් අතරය.
lankasara.










