යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙකු අමුතු මෝස්තරයකට කොණ්ඩය කැපීම සම්බන්ධයෙන් පියා ඔහුට බැන වැදීම නිසා ඔහු ගෙළ වැළලාගෙන ඊයේ (30) සිය දිවි හානිකරගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
දිනේෂ් ආදවන් නැමති මෙම සිසුවා කොණ්ඩය කපන ස්ථානයකින් කොණ්ඩය කපා ගෙන නිවසට පමිණි පසුව එම කොණ්ඩා මෝස්තරය පාසල් සිසුවෙකුට නොගැලපෙන නිසා වහාම ගොස් යළි නිසි ලෙස කොණ්ඩය කපාගෙන එන ලෙස පවසමින් සිසුවාගේ පියා ඔහුට බැන වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහු කොණ්ඩය කපන්නට යන මුවාවෙන් නිවසින් එළියට ගොස් ලණුවක් ගෙළෙහි බැද අසල ගසක අත්තක එල්ලී සිය දිවි හානි කරගෙන තිබෙනවා.
වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
නෙල්ලි අඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.
hirunews










