• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධනකුවේරයො බිලියන 904ක බදු ගෙවලා නෑ! ආණ්ඩුව ධන කුවේරයන්ගෙ බදු බිලියන 270ක් අයකරගෙන නෑ! ඒ මදිවාට බිලියන 572ක බදු කපලා දාලා! සාමාන්‍ය ජනතාවට පරිප්පු ඇටයේ සිට බදු ගහලා තමයි බදු ආදායම 51%කින් ඉහළ නග්ගගෙන තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ධනකුවේරයන්ගෙන් බදු අය කර නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු අයකොට බදු ආදායම 51%කින් ඉහළ නංවාගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.

ඒ මහතා මෙසේද කීය.

“ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලපාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022දී මේ පාලකයන් 8%ක් හා 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා.  දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අය කරන්නත් තීරණය අරගෙන.Sri Lanka Latest News

සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරු කිරිපිටි ඇතුළුව සියලු කිරිපිටි,  බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන,  අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට නියමිතයි.

ජනතාව මේ වනවිට විදුලි ගාස්තු වැඩි කිරීම නිසා ගෙවන්න බැරි පීඩාවක සිටිද්දී, මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කරන්න තීරණය කර තිබෙනවා. මුලින් කීව වසරකට දෙවරක් ගාස්තු සංශෝධනය කරනවා කියලා. මේ අවුරුද්දට තුන්වරක් වැඩි කළා. නමුත් දැන් ගස්තු වැඩි කිරීම් වසරකට සිව් වරක් කරන්න යන්නේ. 

එවගේම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඇස් බැන්දුමකට වගේ 92 පෙට්‍රල් මිල අඩු කළත් අනෙක් සියලු ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග අනෙකුත් සියලු භාණ්ඩ හා සේවා ගාස්තු බහළ යාමට නියමිතයි. විශෙෂයෙන් ඩීසල් මිළ ඉහල දැමීම නිසා බස් ගාස්තු ඉහළ දැමීම වගේ දේවල් ජනතාව තවදුරටත් පීඩාවට ලක් කරනවා. 

2019 වසර වනවිට පුද්ගලයකුට යැපීම සඳහා මාසයකට රු. 6966ක් අවශ්‍ය බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැන් 2023 ගැන කියන්නෙ පුද්ගලයකුට අවශ්‍ය වියදම රු. 16207ක් දක්වා 132.65%කින් ඉහළ ගොස් තිබෙන බවයි. කිසිවකුගෙ ආදායම වැඩි වෙලා නැති තත්වයක් තුළ මේක දරා ගන්න අමාරුයි. 

ලෝක බැංකු නිර්ණායකවලට අනුව, දිළින්දන් කියන්නෙ, දිනකට ඩොලර් 3.65ක් හෙවත් රු 1332කට වඩා අඩු ආදායම් තිබෙන අය. ලංකාවෙදි මේ දුප්පතුන් ලෙස සැළකෙන පිරිස 2021දි 13.1%ක් කියලා වාර්තා වුණේ. 2022දි ඒ ප්‍රමාණය  25.6%ක් දක්වා වර්ධනය වෙලා තිබුණා. 2023 තවම වසර අවසන් නැති නිසා සංඛ්‍යාත්මකව කියන්න නොහැකියි. නමුත්, ‘ලර්න්ඒසියා’ ආයතනයේ ආචාර්ය වසන්ත අතුකෝරළ කළ පර්යේෂණයකට අනුව, 2023 ඇතුළත කළින් දුප්පතුන් ලෙස නොසැළකුණු ලක්ෂ 40ක් දුප්පතුන්ගෙ ගොඩට එකතු වූ බව අනාවරණය වුණා. දැන් සිදුවන දේ අනුව, මේක 2023 අවසානයේ විශාල ලෙස ඉහළයාමට නියමිතයි. මේ විදියට වැට් බදු වැඩිකරලා ඉන්ධන මිල, විදුලි ගාසතු වැඩි කළාම ජනතාවගේ ජීවන තත්වය අන්ත දුෂ්කර අඩියකට පත්වෙලා 2024දී ජනගහනයෙන් බහුතරය දුප්පතුන් වන බව නිසැකවම කියන්න පුළුවන්. 

මේ ආකාරයට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යනවිට මේ දුෂ්කර තත්වය තවත් නරක අතට හැරෙනවා. මොකද, විදුලි ගාස්තු වැඩිවීමත් සමග ප්ලේන්ටියේ සිට සියල්ල ඉහළ යනවා. ඉන්ධන මිල වැඩි වෙද්දී සහල්, එලවළු, මාලු ඇතුළු හැමදේකම මිල වැඩි වෙනවා.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සියල්ල ගෙවන්න බැරි ඉහළ අගයන් බවට පත්වන්න නියමිතයි. 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, UNDP ‘බහුමාන අවදානම් දර්ශකය’ යටතේ ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, මේ වනවිට ලංකාවෙ ජනගහණයෙන් 55.7%ක් දුප්පතුන් ගොඩට ඇද වැටී තිබෙනවා. මේ රටේ මිනිස්සුන්ගෙන් බාගයකට වැඩි පිරිසක් දුප්පත්තු වෙලා. 

කවුරු හරි හිතනවා නම්, කන්නෙ නැතිව වතුර බීලා ඉන්න, ඒකත් බැරි වෙනවා. 35%ක් සමස්ත ජනගහණයෙන් 1/3කට වැඩි පිරිසක් දෛනික ජල පහසුකම් නැති අය බව කියනවා. දැන් ජල ගාස්තු වැඩි වෙලා තියෙන තත්වය නිසා මේක තවත් වැඩි වෙන්න නියමිතයි. හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය පාර්ලිමේන්තුවෙදි කිව්වා මේ රටේ දරුවන් සහ කාන්තාවන් ලක්ෂ 9ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව. දැන් මේ ආණ්ඩුව එහෙම පවතින තත්වයකදි තමයි සාමාන්‍ය ජනතාවට මේ බදු ගහන්නෙ.

2022 වසරට සාපේක්ෂව 2023 බදු ආදායම 51% වැඩි වූ බව බන්දුල ගුණවර්ධන සාඩම්බරයෙන් ප්‍රකාශ කළා. 
මොන බදුද මේ ? අපි දන්නවා, බදු වර්ග දෙකක් ගැන. ධනපති සමාගම්වලින් ධනකුවේරයන් ගෙවන බදුද? නැත්නම් සාමාන්‍ය ජනතාව ගෙවන බදුද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදියට ධනපති සමාගම්වලින් අයකරන, ධනකුවේරයන් ගෙවන ඍජු බදුවලින් මේ දක්වා නොගෙවා පැහැර හැරි බදු වටිනාකම, රුපියල් බිලියන 904ක්. කෝප් කමිටුවෙ වාර්තාවෙ තියෙනවා, බදු ගෙවිය යුතු පාර්ශ්වවලින් කිසිදු අභියාචනයක් නැතිව ගෙවන්න කැමතිවූ බදු බිලියන 270ක් අය කරගෙන නැති බව. ඒ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගෙ සංගමය කළ විමසීමකදි ඒකාධිකාර සමාගම් ගෙවිය යුතු බදු මුදලින් රුපියල් බිලියන 572ක් කපා හැර තිබෙන බව වාර්තා වුණා.

සාමාන්‍ය ජනතාව, පරිප්පු ඇටයේ සිට බදු ගෙවන එක කරද්දි ධනකුවේරයන් නොගවෙපු බදු කපා හරිනවා. සාමාන්‍ය ජනතාව අමාරුවෙන් ගැටගහගෙන ජීවත් වෙද්දි, පාර්ලිම්න්තු,කැබිනට්මන්ඩලය කෙහොමද මේ තීරණය ගත්තෙ? 

මේ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන්, පීඩාවට පත්වන සියලු ජතාවගෙන්ඉල්ලා සිටින්නෙ, මේ පීඩාකාරී පාලනය අවසන් කරන්න පෙරට එන්න, සංවිධානය වෙන්න, ජනතාවගෙ අවශ්‍යතා වෙනවෙන් ජනතා පාලනයක් බිහිකරන, ජනතා බලයක් ගොඩ නගන්න, ජනතා ප්‍රමුඛතා වෙනුවෙන් පාලන බලය ජනතාව අතට ගන්න පෙරට එන්න කියලා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ ජනතා අරමුණු ජයග්‍රහණය කරන්න උපරිම කැපවීමෙන් කටයුතු කරන්න සූදානම්.”

SendShareShare
Previous Post

ඉදිරියේදී යළිත් ලේ වැගිරීමක්! ‌මිනිස්සු ආපහු පාරට බහින එක සක්සුදක් සේ පැහැදිලියි! කාටවත් වැඩිකල් දුවන්න ලැබෙන්නේ නෑ! විපක්ෂය එකතු නොවුණොත් මහා විනාශයක්! වික්‍රමසිංහ-රාජපක්ෂලා නැති පොදු විපක්ෂයක් හදන්න දයාසිරි ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සාක්ෂි කැඳවීමකින් තොරවම ‘ගවර්ස් කෝපරේට්’ නඩුවෙන් නාමල් ඇතුලු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.