• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යක්ෂණය නිෂ්පාදනය රඟපෑම මහජනතාව…! ජයග්‍රාහී දින 50 පසු කළා ‘අරගලය..!’

June 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අධ්‍යක්ෂණය නිෂ්පාදනය රඟපෑම මහජනතාව…! ජයග්‍රාහී දින 50 පසු කළා ‘අරගලය..!’
Share on WhatsAppShare on Facebook

ලංකාවට අරගල යනු අමුතු දේවල් නොවේ. ලංකාවේ ආණ්ඩු පමණක් නොව බ්‍රිතාන්‍ය කිරීටය පවා සෙලවූ වර්ජන සහ අරගල ඉතිහාසයක් අපට තිබේ. 1906 කරත්තකරුවන්ගේ වර්ජනය, 53 හර්තාලය මෙන්ම 6/5ක බලයක් සහිත ජේ.ආර්.ගේ ආණ්ඩුව සෙලවූ 80 ජූලි වර්ජනය ලංකාවේ අරගල ඉතිහාසයේ ස්වර්ණමය සිහිවටනය. එහෙත් මෙකී සියලු අරගල හා සම තැන්හි තබන්නට, නැතහොත් ඒවා අභිබවා යන්නට සමත් අරගලයක් දින පනහක සිට මෙරට සිදුවෙමින් පවතින්නේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් නෙරපීම සඳහා ක්‍රියාත්මක ගාලු මුවදොර අරගලයය.

සාමාන්‍ය වශයෙන් අරගලය යන වචනයම අපතුළ ඇති කරන්නේ ප්‍රචණ්ඩකාරී චිත්ත රූපයකි. එහෙත් ගාලුමුවදොර අරගලය වූ කලී ප්‍රචණ්ඩත්වය ඉඳුරාම බැහැර කළ අතිශය සාමකාමී එකක්ම වන්නේය. එය සාම්ප්‍රදායික වෛරී සටන්පාඨ වෙනුවට ආවේගශීලීත්වයට හාස්‍ය මුසුකළ සටන්පාඨවලින් අලංකාරය. නූතන තාක්ෂණය උපරිම ආකාරයෙන් පිරී ගිය ගාලුමුවදොර අරගලය වරක් ජනාධිපති ලේකම් කාර්යාලය පවා සිය සටන්පාඨවලින් වසා දැම්මේය. පාප්ප බින්දුවක් හෝ කඩදාසි කැබැල්ලක් යොදා නොගත් ඒ මෙහෙයුම ප්‍රක්ෂේපණ යන්ත්‍ර යොදාගෙන සිදුකළ එකකි. නැතිනම් ඩිජිටල් විරෝධයක් යැයි කීවාටද කමක් නැත.

එමෙන්ම ගාලුමුවදොර අරගලයට එක්වූවන්ට අරගලකරුවන්ට අප අරගලකරුවන් යැයි කීවද ඔවුන් අත ගල් කැටයක් කෝටු කැබැලක් පවා නැත. ජාතික ධජය, පොත් පත්, ආකර්ෂණීය සටන්පාඨ අත දරනා ඔවුන් තුනෙන් දෙකක පාර්ලිමෙන්තු බලයක් සහිත රජයක් සහ හැටනව ලක්ෂයක ජන වරමක් සහිතව බලයට පත් ජනාධිපතිවරයෙක් මාසයකට වැඩි කාලයක් බිත්තියට හේත්තු කරගෙන සිටිනා ආකාරය ප්‍රශංසනීයය.

ගාලුමුවදොර අරගලය ආරම්භ වනුයේ පසු ගිය අප්‍රේල් 09 වැනිදාය. ඒ රටේ නන්දෙසින් පැමිණි ජනතාව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භූමියට රැස්වීමත් සමගය. මෙලෙස රැස්වූ මහ පිරිස අතර බහුතරය තරුණයෝ වූහ. මේ මහ පිරිසම රාජපක්ෂවරුන්ගේ අසමත් පාලනය විසින් මහමඟට ඇද දැමූවෝ වීම ඔවුන් අතර වූ එකම සමානකම විය. ඒ හැර ඔවුහු ජාති, ආගම් සහ දේශපාලන වශයෙන් විෂම පදනම් සහිත වූවෝ වූහ. ජනාධිපතිට ගෙදර යන්නැයි බල කරන මේ යොවුන් බලවේගය දෙස ආණ්ඩුව මුලින්ම බැලුවේ අවඥාවෙනි.

හවසට අරගලකරුවෝ නිවෙස් කරා යාමෙන් අරගලය නිමවෙනු ඇතැයී ඔවුහු සිතූහ. එසේ නොවූ තැන සිංහල අවුරුද්දට කොල්ලන් කෙල්ලන් ගෙදර යනු ඇතැයි සිතා සිත හදාගත්හ. එහෙත් එයද සිදුවූයේ නැත. අරගලකරුවන් වෙනුවෙන් රටේ හැම ගෙදරකම කිරිබත් පිසුණේය. කැවුම් කොකිස් බැදුණේය, කෙසෙල් කැන් ඉදුණේය. එකී කැවිලි පෙවිලි පොදි බැඳගත් රට සිවුදෙස ජනතාව අවුරුදු නැකැතට ගාලුමුවදොර පිටියට පැමිණියෝය. ඒ තමන් වෙනුවෙන් මහා අරගලයකට කරගසා සිටිනා දූ පුතු හා අවුරුදු කිරිබත බුදින්නටය. අවසන අරගලකරුවෝ සමග රටම අවුරුදු සැමරුවෝය.

ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය නිකම්ම නිකම් අරගලයක් නොවේ. සාමාන්‍යයෙන් අරගලයක ජය හිමිවන්නේ අවසානයටය, එහෙත් ගාලුමුවදොර සාමකාමී අරගලය ආරම්භයේ සිටම ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින්නේය. එය වඩාත් කැපීපෙනෙන්නේ ලද ජයග්‍රහණවලින් නොව අරගලකරුවෝ ගැටෙමින් සිටිනා පාර්ශ්වයන්ට සාපේක්ෂව සිතා බැලීමේදීය. මන්ද යත් ගාලුමුවදොරට රොද බැඳගත් අරගලකරුවෝ අභියෝග කළේ මිලියන හය ඉක්මවූ ජන වරමක් සහිත ජනාධිපතිවරයකුටය. අරගලකරුවන්ගේ සටන්කාමීත්වය හමුවේ ඒ ජනාධිපතිවරයාගේ ජන වරම පැයෙන් පැය නාය යන්නට පටන් ගත් අතර අද වන විට ඔහුට ඇති එකම විකල්පය හැකි තාක් අවම හානියක් සහිතව ඇමෙරිකාවට පසුබැසීම පමණි.

අරගලකරුවෝ කෙතරම් හොඳින් ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කළේද යත් ඔහුට තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉවත්වන්නැයි කියනා තැනට පසු බසින්නට සිදුවිය. එමතුදු නොව කැබිනට් මණ්ඩල දෙකක් (2022.4.18 පත්කළ කබිනට්ටුව සහ 2022.5.14 පත්කළ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ කැබිනට්ටුව) රාජපක්ෂවරුන්ගෙන් තොරව පත් කරන්නට සිදුවූයේය. මේවා හුදු දෛවයේ සරදම් නොව අරගලකරුවන්ගේ සැලසුම්සහගත ක්‍රියාන්විතයන්ගේ ජයග්‍රහණයන්ය.

ගෝඨා – මහින්දගේ පොදුජන පෙරමුණු රජය මෑත පාර්ලිමේන්තුවේ සුපිරිම බලය සහිත ආණ්ඩුව විය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ සුපැහැදිලි බලයක් හිමිව තිබුණු අතර ආසන මන්ත්‍රී ධුර 225 සහිත වත්මන් පාර්ලිමේන්තුවේ ඔවුනට හිමිව තිබූ ආසන සංඛ්‍යාව 145ක් විය. (දිස්ත්‍රික් මට්ටමින් ආසන 128ක් සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 17ක්) ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහෙ මෙහේ කිරීමෙන් තුනෙන් දෙකේ බහුතරයද සාදාගන්නට පොදුජන පෙරමුණ සමත් විය.

මේ සා දැවැන්ත පාර්ලිමේන්තු බලය නිසා ඔවුන් සිතා සිටියේ තමන් සදා අපරාජිත පක්ෂයක් ලෙසය. අගමැති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සිතා සිටියේ ඔහු ලංකාවේ රජු බවය. ඔහු වෙනුවෙන් සැදුණු මාධ්‍ය මෙහෙයුම් ඒ මතය ජනතාවගේ හිස්මත බලයෙන් පැටවීමට කටයුතු කරන ලද බව රහසක් නොවේ. සහේළි රෝචනා ගමගේ නමැති ආධුනික ගායිකාව වරක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ‘මහරජාණෙනි’ යනුවෙන් ප්‍රශස්ති ගීයක් ගැයුවාය. එකල එම ගීතය රාජ්‍ය මාධ්‍ය විසින් නිර්ලජ්ජිත ආකාරයෙන් පට්ට ගැසූ අතර ඒ ගායිකාවගේ නමින් මාර්ගයක් නම්කර ආණ්ඩුව එකී ප්‍රශස්ති ගීයේ මිල ගෙවා දැම්මේය.

එහෙත් ගාලුමුවදොර ජනතා අරගලය හමුවේ දෑස් පෑදුණු සහේළි රෝචනා ගමගේ ගායිකාව සහ මහරජාණෙනි ගීයේ පද රචකයා අරගල බිමට විත් එකී ප්‍රශස්ති ගීය ගැයීම සහ ලිවීම වෙනුවෙන් ජනතාවගෙන් සමාව ගත්තෝය. ඔවුන් දෙපළ පමණක් නොව මහ මැතිවරණ සමයේ පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ඒමට දිවා රෑ වැඩකළ කලාකරුවෝ රැසක් අරගල බිමට පැමිණ ජනතාද්‍රෝහී ආණ්ඩුවක් වෙනුවෙන් කළ කී දේ වෙනුවෙන් සමාව ගත්තෝය. මේවා සියල්ල සාමකාමී අරගලයේ ජයග්‍රහණයන්ය.

අරගලය ආරම්භයේ සිටම අගමැති මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කීවද ඔහු ඊට එකඟ වූයේ නැත. ඒ වෙනුවට ඔහු අරගලකරුවන්ට සාකච්ඡාවට ඇරයුම් කළේය. එහෙත් ඒ ඉල්ලීමට අරගලකරුවන් එකඟ වූයේ නැත.

අවසන තමන් ශ්‍රී ලංකාවේ මහරජ බවට මවාගත් කෝෂයක සිරවී සිටි මහින්ද රාජපක්ෂට අගමැති ධු‍රයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූ අතර ඔහුගේ මහේශාක්‍ය කැබිනට්ටුවද ඒ සමගම අහෝසිවී ගියේය. එහෙත් අරගලකරුවන් රාජපක්ෂවරු කොල්ලකාගත් ජාතික ධනය ඉල්ලා බල කරන්නට වූ අතර අවසන බලය සදාකාලික බව සිතා සිටි අගමැති මහින්ද රාජපක්ෂ අරලියගහ මැඳුරෙන් පලාගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදාව සතු දූපතක සැඟවන තැනට සටන දුරදිග ගියේය. ඒ අරගලයේ තවත් ජයග්‍රහණයකි. අදටත් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ යන්නේ හොර රහසේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනා ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවෝ ගණනාවකි. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඒ අතරින් දෙදෙනෙකි. අක්‍රමවත්ව මුදල් මුද්‍රණය කිරීම සහ ඩොලරය කෘත්‍රිමව අල්ලාගෙන සිටීමෙන් මහබැංකුව සතු විදෙස් මුදල් සංචිතයෙ ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුකළේ යැයි ඔවුනට චෝදනා එල්ලවී තිබුණේය. එහෙත් මේ දෙදෙනාගෙන් කාට හෝ ඉල්ලා අස්වීමේ වුවමනාවක් තිබුණේ නැත. අවසන අරගලකරුවන් ලබාදුන් පීඩනය නිසා මහබැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් දෙදෙනාටම ඉල්ලා අස්වන්නට සිදුවිය.

ලංකාවේ පිහිටුවූ ආණ්ඩු පිළිබඳ සොයා බැලීමේදී දෙආකාරයක ආණ්ඩු හමුවේ. ආණ්ඩු සහ සභාග ආණ්ඩු ඒ දෙවර්ගයය. එහෙත් මේ දිනවල ලංකාවේ වැඩිපුර කතා කරනුයේ අන්තර්වාර ආණ්ඩු සහ සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳවය. වෛරයෙන් පිරී තිබූ ලංකාවේ දේශපාලනයට සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය හඳුන්වා දීමම අරගලකරුවෝ ලද ජයග්‍රහණයකි. වෙනදා ආණ්ඩුවේ මැති ඇමැත්තෝ පමණක් නොව ඒ අයගේ ගෙවල්වල ඇත්තන් පවා ගමන් බිමන් ගියේ අධි සුඛෝපභෝගී වාහනවලය. එහෙත් අරගලයේ ආරම්භය සමග ඒ අය මිල අඩු මරූටි වැනි වාහන දක්වා පල්ලම් බැස්සෝය. එයද අරගලකරුවන්ගේ ජයග්‍රහණයකි.

අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පවා 21 සංශෝධනය ගෙන ඒමට මෙතරම් කලබලව ඇත්තේ අරගලකරුවන්ගේ බලපෑම හේතුවෙනි. වෙනකක් තබා පොදු පෙරමුණේ අප්‍රකාශිත නායකයා වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට කඩිමුඩියේ ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නට අද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුම තීරණය කර තිබීමද අරගලකරුවන්ගේ තවත් ජයග්‍රහණයකි. අප්‍රේල් මස නවවැනිදා අරගලය අරඹන විට මෙරට විදුලි කප්පාදුව පැය 10කට ආසන්න විය එහෙත් අරගලයේ ව්‍යාප්තිය සමගම එය පැය තුන හතරකට අඩු කරන්නට ආණ්ඩුව කටයුතු කළේය.

ඒ අරගලකරුවන් ලද තවත් ජයග්‍රහණයකි. සුද්දාගේ කාලයේ සිට මෙරට පාලනය කළ ක්‍රමය වූයේ බෙදා පාලනය කිරීමය. ඔවුහු රට භූමීය බෙදා නතරවූයේ නැත. රටේ ජනතාවද ජාති ආගම් වශයෙන් බෙදුවෝය. සුද්දාගෙන් පාලනය අතට ගත් කළු සුද්දෝද එකී බෙදා පාලනය කිරීම තවදුරටත් සුපෝෂණය කළෝය. එහි කූටප්‍රාප්තිය 2019 ජනාධිපතිවරණයේදී දැකගත හැකිවිය. ඒ ජනපතිවරණය දිනුවේ තනි සිංහල ජනාධිපති කෙනෙකි. ඒ අපේ බෙදීමේ නරකම උදාහරණය විය. එහෙත් ගාලුමුවදොර අරගලය එකී බෙදීම් සුන්නද්ධූලි කරලන්නට සමත් වූයේය.

අද සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනකොටසක්ම අරගල කරන්නේ එකට බැඳීය. ගාලුමුවදොර අරගලය සකල ලක්වැසියන්ට තම පොදු සතුරා සොයාදී ඇත්තේය. අද සියලු දෙනා එකට එක්ව, එකාවන්ව සටන් වදිනුයේ එකී පොදු සතුරාට එරෙහිවය. ඒ ගාලුමුවදොර අරගලය අපට ලබාදුන් ලොකුම ජයග්‍රහණය වන්නේය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති පොහොට්ටුවේ හදිසි රැස්වීමක් කැඳවයි! සාකච්ජාව උණුසුම් වන ලකුණු! EXCLUSIVE

Next Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.