කොළඹ නගරය ආශ්‍රිතව අද (31) රාත්‍රියේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ හදිසි අවශ්‍යතාවයකදී කැඳවීම සඳහා පොලිස් විශේෂ කාර්ය නිලධාරීන්ද යොදවා ඇති බවයි.
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද (31) පස්වරු 5.00 සිට මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව කොළඹ ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය අද (31) රාත්‍රී එක් දිශාවකට පමණක් සීමා කෙරෙන බව පොලිසිය පැවසීය.
ඊට සමගාමීව කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.
මේ අතර අද (31) රාත්‍රියේ ගාලු මුවදොර ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ හේතුවෙන් අද පස්වරුවේ සිට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසීය.