සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.Sri Lanka Latest News
එහිදී, එක් අයකුට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලබාගත හැකි බව බව ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, කොළඹ අවට ඇති සතොස ශාඛාවලින් අද දින සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල සතොස ශාඛාවලින් හෙට (06) දින සිටත් පොල් සහ සහල් මිලදී ගත හැකිය.
“දැනට කොළඹ අවට සතොස ශාඛාවලට පොල් යවමින් පවතිනවා. හවස්වනවිට කොළඹ තියෙන ශාකාවලට දෙන්න සලස්වනවා. හාලුත් දවල්වන විට මේ ශාඛාවලට නාඩු සහල් ලබා දීමට සලස්වනවා. “










