මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. Sri Lanka Latest News
මේ අතර සිකුරාදා (22) පවස්වරුව වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට වැඩි පිරිසක් සිය නිල නිවාස භාරදී ඇති බවයි පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ තවමත් සිය නිල නිවාස ආපසු භාර දී නොමැති බව වාර්තා වනවා.
තවමත් එම නිවාස වල රැඳී සිටින මන්ත්‍රීවරු අතර මෙවර පාර්ලිමේන්තුවට නැවත තේරී පත් වූ මන්ත්‍රීවරු 26 දෙනෙක් ද වනවා.
මේ අතර නවක මන්ත්‍රීවරුන් 35කට අධික පිරිසක් නව නිල නිවාස සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය අනාවරණය කළා.










